කාන්තාවකට පහර දීමේ සිද්ධියක් මුල් කරගෙන එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතාට විරෝධය පළ කරම...
කාන්තාවකට පහර දීමේ සිද්ධියක් මුල් කරගෙන එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතාට විරෝධය පළ කරමින් අද අක්මීමන කුරුදුවත්ත, මංසන්ධියේදී විරෝධතාවක් පැවැත්විය.
තම පක්ෂයෙන් ඉදිරිපත් වූ සාමාජිකාව පරාජය වීම හේතුවෙන් එම ප්‍රදේශයෙන් ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වූ සාමාජිකයන්ට සහාය පල කළ බවට චෝදනා කරමින් අදාළ කාන්තාවට මන්ත්‍රීවරයා පහර දී ඇත.
මේ අතර නුවරඑළිය මාගස්තොට, පහළ වත්ත වතු යායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයට කිසියම් පිරිසක් අද අලුයම ගිනි තබා ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් සමඟ ඇති ගැටළුවක් හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයේ ආධාරකරුවන් විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
COMMENTS