රජයේ විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව සඳහන් වේ. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින...
රජයේ විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව සඳහන් වේ.
පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් විගණකාධිපතිවරයා විසින් සිදු කළ ප්‍රකාශ වලට එරෙහිව අදාළ විශ්වාසභංගය ඉදිරිපත් කරන බව කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.
එහිදී මන්ත්‍රීවරයා පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණය පිළිබඳව අදහස් දක්වා සිටියහ.
ඔහු සඳහන් කළේ මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් වත්මන් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය පැහැදිලිව දක්නට ලැබෙන බවය.
මේ අතර ජාතික නිදහස් පෙරමුණ ද කොළඹදී අද (13) මාධ්‍ය හමුවක් කැඳවමින් පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණය පිළිබඳව අදහස් දක්වා සිටියහ.
එහිදී එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේ මහජන මතය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇති බවයි.
COMMENTS