ජනාධිපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට තවදුරටත් බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති යන පණිවිඩය පොහොට්ටුව ඉදිරියේ කතිරය ගැසූ ලක්ෂ 50කට අධික ඡන්...
ජනාධිපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට තවදුරටත් බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති යන පණිවිඩය පොහොට්ටුව ඉදිරියේ කතිරය ගැසූ ලක්ෂ 50කට අධික ඡන්ද වලින් තහවුරු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
රටේ ජනතාවගේ බහුතර බලයක් නොමැති මෛත්‍රී - රනිල් යුවල දැන් ඉල්ලා අස්විය යුතු බවත්, යහපාලනය ආණ්ඩුවේ අවසන් හුස්ම පොදක් මේ පළාත් පාලන මැතිවරණයෙන් පසු වාතලයට මුසු වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ මිනුවන්ගොඩ නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයන් සමඟ ඊයේ පැවති ජන හමුවක් අමතමිනි.
එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්විය.
“මෙම ජයග්‍රහණය වඩාත් සුවිශේෂී එකක් වන්නේ මේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙකම එක ආණ්ඩුවක සිටිමින් පුර්ණ ලෙසම ආණ්ඩු බලය සඳහා බිහි වූ පක්ෂයක් වශයෙන් මෙම ඓතිහාසික ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වීම නිසයි. මැතිවරණය ප්‍රකාශයට පත් වූ දා සිටම අපට එල්ල වූ මර්දනයේ හස්තය පරාජය කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත්තව අපි නායකයන් වගේම අපේ ජනතාවටත් මම ස්තූති කරන්න ඕනේ.”
“මේ මැතිවරණයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට ප්‍රබල පණිවිඩයක් ලබා දී තිබෙනවා. ලක්ෂ පනහකට වැඩි ඡන්දදායකයන් පිරිසක් තමන්ගේ ඡන්දය පොහොට්ටුව ඉදිරියේ සටන් කරලා මේ ආණ්ඩුවට දැනුම් දී තිබෙන්නේ දැන්වත් ගෙදර පලයල්ලා කියන පණිවුඩයයි. රටේ බහුතර කැමැත්තක් නැති මේ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට දැන් රට පාලනය කිරීමට සදාචාරාත්මක අයිතියක් නැහැ. ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලා හෝ තියෙනවා නම් මේ දෙන්නා දැන් තමන්ගේ ධූරවලින් ඉවත් වෙලා ජනමතයට ගරු කළ යුතුයි කියා අපි කියනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS