රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම තුළ ජනාධිපති කාර්යාලයේ හා අගමැති කාර්යාලයේ නොමැති විනයක් හා ඵලදායීතාවයක් තිබෙන බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම තුළ ජනාධිපති කාර්යාලයේ හා අගමැති කාර්යාලයේ නොමැති විනයක් හා ඵලදායීතාවයක් තිබෙන බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අද (19දා) පැවසීය.
තමා නොමැතිව වුවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා සාමාජිකයන් හැඩ ගැසී සිටින බවත්,ඒ සඳහා සාමාජිකයන් 20ක් පමණ ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සූදානමින් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
තමන් ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමය රාජ්‍ය විරෝධීන් බවට ඇතැම් පිරිස් පවසනුයේ දේශපාලන විග්‍රහය තුළ තිබෙන වැරැද්දක් නිසා බවත්, තමන් දේශපාලනයට නොපැමිණෙන බවත් පාදෙණිය මහතා ප්‍රකාශ කළේය.
එට්කා නෑයෙක්ද?ආක්‍රමණිකයෙක්ද? මැයෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් කොළඹ පුස්තකාල ප්‍රෙල්ඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති විද්වත් සංවාදය අමතමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
COMMENTS