Hot!

ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අද ඇරඹෙයි

ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අද ඇරඹෙයි
මේ වනවිට ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව අංක 07 ස්ථානයේ පසුවේ.
 
අද තරගය සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් සහභාගි නොවන අතර නායකත්වය රංගන හේරත්ට පැවරී තිබේ. හේරත් මේ වනවිට තරග 4 ක් නායකත්වය දරා ඉන් තරග තුනක් ජයග්‍රහණය කර තිබේ.
 
අද තරගයේදී චන්දිමාල් වෙනුවට ධනුෂ්ක ගුණතිලක හෝ ධනන්ජය සිල්වා කණ්ඩායමට ඇතුළත් වනු ඇත. කණ්ඩායට අලුතින් එක්වූ මාලින්ද පුෂ්පකුමාර අද තරගවදින කණ්ඩායමට ඇතුළත් නොවීමට බොහෝදුරට ඉඩ තිබේ. ඒ දිල්රුවන් පෙරේරා පසුගිය තරගවලදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීම හේතුවෙනි.
 
රංගන හේරත්ට කඩුලු 400 සම්පූර්ණ කිරීමට තවත් කඩුලු 16 ක් අවශ්‍ය වන අතර ඔහු බොහෝදුරට මෙම තරගාවලියේදී එම කඩඉම පසුකරනු ඇත. එමෙන්ම මෙම තරගය ඉන්දීය කණ්ඩායමේ අංක එකේ දඟපන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින්ගේ 50 වැනි තරගය ද වේ.
 
ජඩේජා, අශ්වින් සහ හේරත් ටෙස්ට් පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ පළමු ස්ථාන තුනෙහි සිටින අතර ඒ නිසා දඟපන්දු යවන්නන්ට හිතකර ගාල්ල තනතීරුව තුළ ඔවුන් පෙළහර පානු ඇත.

0 comments:

Post a Comment