දශක දෙකකට පෙර ජෙෆ් බීසෝස්, සිය ගරාජයේ තබාගෙන සිටි පොත් තොගයක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීම ඇරඹුවේය. අද වන විට ඔහු ලෝ ප්‍රකට ඇමසන් සමාගමේ ප...
දශක දෙකකට පෙර ජෙෆ් බීසෝස්, සිය ගරාජයේ තබාගෙන සිටි පොත් තොගයක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීම ඇරඹුවේය. අද වන විට ඔහු ලෝ ප්‍රකට ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ය. එසේම මිහිමත සිටිනා ධනවත්ම මිනිසා ය.
ඊයේ දිනයේ (බ්‍රහස්පතින්දා) වන විට ඇමසන් හිමිකරු ජෙෆ් බීසෝගේ ශුද්ධ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 90 කි. පුරා වසර 4 ක්, එනම් වසර 2013 සිට මේ තැන හිමිව තිබූ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්ව ඔහු අතික්‍රමණය කළේ ඒ අන්දමිනි. මේ බව සනාථ කරන්නේ ‘බ්ලූම්බර්ග් බිලියෙනයර්ස් ඉන්ඩෙක්ස්’ හෙවත් බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයයි.
අන්තර්ජාලය ඔස්සේ සම්ප්‍රදායික සිල්ලර වෙළඳාම කණපිට හැරවූ ජෙෆ් බිසොස් ලෝකයේ දක්ෂතම ව්‍යාපාරිකයා බවට ද මේ අනුව නිතැතින්ම පත්වෙයි.
බිසෝස්ගේ ධනයෙන් වැඩි කොටස ඔහු උපයන්නේ ඇමසන් සමාගමේ කොටස් අලෙවිය මගිනි. ඔහුට එම සමාගමේ භෞතික ප්‍රධානිත්වයට අමතරව සමාගම් කොටස්වලින් 17% ක හිමිකමක් ද තිබේ. එම කොටස්වල වටිනාකම පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 83 කි. මේ ගමන තුළ ඔහු විසින් ලෝකයේ එදාමෙදාතුර සිටි හොඳම කෝටිපතියන් අතරට ගැනෙන වොරන් බුෆේ, ස්පාඤ්ඤයේ අමාන්ෂියෝ ඔර්ටේගා සහ මෙක්සිකානු ධන කුවේර කාලෝස් ස්ලිම් හෙලූ යන අය ද පරදවා ඇත. 2017 ජනවාරි මාසයේ පටන් මේ දක්වා ගෙවී ඇති සය මාසය තුළ පමණක් බිසෝස් විසින් ඩොලර් බිලියන 24 ක ධනයක් අලුතෙන් උපයා තිබේ.
1990 දශකයේ මැද භාගයේ සිය ගමන පටන් ගන්නා විට බිසෝස් තමන් ව හඳුන්වා ගත්තේ ‘අන්තර්ජාල පොත් වෙළෙන්දෙකු’ ලෙස ය. සෙමෙන් සෙමෙන් ඔහු සිය ව්‍යාපාරික අධිරාජ්‍යය පොත්වලින් ඔබ්බට විහිදෙව්වේය. ඒ අනුව එය හාඩ්වෙයා, ක්ලවුඩ් සර්විස්, මියුසික් හා ස්ට්‍රීමින් ෂෝස් යන අංශ වෙත ද විදාරණය කළේය. පසුගිය වසරේදී ඔහු මෙකී අවශේෂ ව්‍යාපාරවලින් උපයාගත් ධනය ඩොලර් බිලියන 136 කි.
මේ ගමන තුළ බීසෝස් 2013 වසරේදී ‘ද වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත මිලදී ගැනීමට සමත් විය. එපමණක් නොව බ්ලූ ඔරිජින් නමින් තමන්ගේම රොකට් සමාගමක් ද ආරම්භ කිරීමට සමත් විය.
බීසෝස් ද මේ වන විට මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් මෙන්ම මානව හිතවාදී සේවය වෙත යොමු වී සිටීම ප්‍රශංසනීය ය. ඔහු පසුගිය වසරේ පටන්ම මේ මෙහෙවර සඳහා ආරම්භය ගත් අතර සිය ට්විටර් ගිණුම ඔස්සේ ඒ සම්බන්ධයෙන් අදහස් විමසීමක් ද කර තිබිණි.
-අමාලි ජයවීර
COMMENTS