පෙමත් අහිමි ඇයත් අහිමි නුඹ වැළපෙන හැටි බලාන මටත් එරෙහි නුඹ වෙනුවෙන් කෙලෙස හිඳිමි දුක බෙදාන දසක ගණන් ඉතිහාසේ වැළලුණ නුඹෙ පෙම් පුරාණ...
පෙමත් අහිමි ඇයත් අහිමි
නුඹ වැළපෙන හැටි බලාන
මටත් එරෙහි නුඹ වෙනුවෙන්
කෙලෙස හිඳිමි දුක බෙදාන
දසක ගණන් ඉතිහාසේ
වැළලුණ නුඹෙ පෙම් පුරාණ
පඳුරු ලලා දළු ලියලා
ඇවිත් මතක පිරිවරාන
නැකතට සුළඟිලි පැටලූ
රන්හූ වරපට ලිහාන
පතිදම පළුදුව ගියාද
ඇගෙ දෙණ ළඟ හිමිසඳාණ?
අහිමිව සිහසුන උරුමය
ගිළිහුණ අබිමන් කිරුළු
ගිනි බත් වුණ රජදහනක
රකිමි කුමට දැළි සුඹුලූ ?
පිළුණු පෙමක නටබුන් මත
ඉදිකළ දෙවොලේ නොරඳා
පුද පෙත් තේවා කුමටද?
දෙවියන් පිටමං වුණදා
COMMENTS