නමුත් ගිවිසුම සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට ඊයේ (27) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකග වීමත් සමගම එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිට...
අදාළ සංශෝධන ලබන මස එනම් අගෝස්තු මස 01 දිනට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ වාණිජමය වශයෙන් ලාභදායී තත්ත්වයට පත් කිරීම මෙම ගිවිසුමේ අරමුණ වී ඇති බව රජය පවසයි.
කැබිනට් වාර්තා පෙන්වා දෙන පරිදි එම ගිවිසුම සම්බන්ධ කරුණු පහත ආකාරයෙන් වේ.
මෙහිදී යෝජිත නව අනුග්‍රාහක ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජය (ශ්‍රී ලංකා වරාය අධිකාරිය) රාජ්‍ය හවුල්කරු වශයෙන්ද අදාළ ආයෝජක සමාගම පෞද්ගලික හවුල්කරු වශයෙන්ද සම්බන්ධ වූ සමාගම් 02ක් පිහිටුවීමට නියමිතය.
* Hambantota International Port Services Co.(Pvt) Ltd. - (HIPS) :
හම්බන්තොට වරායේ සේවාවන් හා පොදු පහසුකම් කළමනාකරණය සඳහා පිහිටුවනු ලබන අතර, එහි ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 606ක් වනු ඇත. මෙම සමාගමේ කොටස්වල 50.7%ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියටද ඉතිරි 49.3%ක අයිතිය CMPort සමාගමටද හිමිවනු ඇත.
* Hambantota International Port Group (Pvt) Ltd - (HIPG):
වරායේ මෙහෙයුම් වත්කම් කළමනාකරණය, වැඩිදුර සංවර්ධන කටයුතු, එහි යටිතල පහසුකම් හා බහාලුම් මෙහෙයවීම අනෙකුත් මෙහෙයුම් වාණිජකරණය පිණිස පිහිටුවනු ලබන, ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 794ක් වන මෙම සමාගමේ කොටස් ප්‍රාග්ධනය දැනට කොළඹ වරායේ SAGT පර්යන්තයේ හා CICT පර්යන්තයේ මෙහෙයුම්වල කොටස් හිමිකම බෙදී ගොස් ඇති ආකාරය අනුවම ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක්ද, CMPort සමාගමට 85%ක් ද වශයෙන් හිමි වනු ඇත.
ඒ අනුව, මුල් ගිවිසුමේ යෝජනා වූ සියයට 80:20 කොටස් බෙදී යාමේ පදනම වෙනුවට CMPort සමාගමට සියයට 69.55 ක් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 30.45 වශයෙන් සමස්ත ආයෝජනයෙහි කොටස් අයිතිය සංශෝධනය වනු ඇත.
යෝජිත ගිවිසුම යටතේ හම්බන්තොට වරාය සහ ඒ යටතේ වන ඉඩම්වල සින්නක්කර අයිතිය කිසිදු විටක ආයෝජක සමාගම වෙත පවරනු නොලබන අතර ශ්‍රී ලංකා රජය සමඟ හවුල්කාරිත්වයෙන් පිහිටුවනු ලබන ඉහත සමාගම් 02 වෙත බදු පදනම මත ලබා දෙනු ලැබේ. එකී සමාගම් දෙකේ කොටස් මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට පහත පරිදි ඉඩ සැලසෙනු ඇත.
ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 70කට පසු:
CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හෝ හවුල්කරුවන් විසින් HIPS හා HIPG යන සමාගම්වල දරනු ලබන කොටස්, රජයේ තක්සේරුකරු සහ නිදහස් තක්සේරුකරුවකු විසින් තීරණය කරනු ලබන සාධාරණ වටිනාකමකට මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිතිය ඇත.
ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 80කට පසු:
HIPG සමාගමෙහි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් අයිතිය සියයට 60ක් සහ HIPS සමාගමෙහි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් අයිතිය සියයට 76.8ක් වන පරිදි, CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හෝ හවුල්කරුවන් විසින් එකී සමාගම්වල දරනු ලබන කොටස්, ඇමරිකානු ඩොලර් 01ක මුදලකට මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිතිය ඇත.
ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 99කට පසු:
CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හා හවුල්කරුවන් විසින් HIPS හා HIPG යන සමාගම්වල දරනු ලබන සියලුම කොටස් අයිතිය, CMPort ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 01ක මුදලකට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා දිය යුතුය.
එමෙන්ම, යුදමය ක්‍රියාවන් සඳහා හම්බන්තොට වරාය භාවිත කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය විධිවිධානද යෝජිත ගිවිසුමේ ඇතුළත්ව ඇති අතර, වරායේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම හා අධිකාරිය ශ්‍රී ලංකා රජය සතු වේ.
මෙම යෝජනාව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්, යෝජිත අනුග්‍රාහක ගිවිසුම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අදහස් තවදුරටත් ලබාගැනීමටත්, එය පාර්ලිමේන්තුවේ සභාගත කර එහිදී ඉදිරිපත් වන යෝජනා ඇතොත් ඒ අනුව අවශ්‍ය පරිදි සංශෝධන සිදු කිරීමටත්, ඉන් අනතුරුව එය පිළිගැනීමට හා එයට අත්සන් තැබීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.
COMMENTS