ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සහ මහජන නියෝජිතයන් මිළ දී ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ශ්‍ර...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සහ මහජන නියෝජිතයන් මිළ දී ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් ද ආසන සංවිධායක ලක්ෂ 25-30ක් බැගින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෝටි 25-40 දක්වා මිල ගණන්වලට යෝජනා කරමින් සිටින බවද ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය යනු ශ්‍රීලනිප සුරැකීම සඳහා නොව එක්සත් ජාතික පක්ෂයට ශ‍්‍රීලනිපය මූට්ටු කිරීම සදහා අටවන ලද සංවිධානයක් යයිද ඔහු චෝදනා කළේය.
එහි සිටින බොහෝ සංවිධායකයන් සිය සංවිධාන ධුර වලින් නෙරපා හරින ලද්දන් බවද මහ ලේකම්වරයා සඳහන් කරන ලදී.

COMMENTS