දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෞද්ධාගමට හිමි ප්‍රමුඛතාවයට හානි වන ව්‍යවස්ථාවක් රජය ගේන්නෙ නෑ 
Homeවිශේෂ පුවත්

බෞද්ධාගමට හිමි ප්‍රමුඛතාවයට හානි වන ව්‍යවස්ථාවක් රජය ගේන්නෙ නෑ 

PropellerAds

නව ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාව කෙටුම්පත් හෝ කර නොමැති බැවින් ඒ පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බවත් ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමෙන් පසු එ...

දිස්ත්‍රික් 8 ක පාසල් සිකුරාදා දක්වා නිවාඩු
බෙංගාල බොක්කේ පීඩන අනුපාතය සුළි කුණාටවුක් වෙයි
තමන් ද ව්‍යසනයක් බව ලොවටම ප්‍රදර්ශනය කරන අපේ දොස්තර සංගමය
බෞද්ධාගමට හිමි ප්‍රමුඛතාවයට හානි වන ව්‍යවස්ථාවක් රජය ගේන්නෙ නෑ 

නව ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාව කෙටුම්පත් හෝ කර නොමැති බැවින් ඒ පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බවත් ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා මෙන්ම සෙසු ආගමික නායකයින්ටද මහ ජනතාවට ඉදිරිපත් කර අදහස් හා යෝජනා ගෙන යළි වෙනස් කම් කිරීමට රජය ක්‍රියාකරන බවද ඒ මහතා කීය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර ජනපති මැදුරේදී ත්‍රෛනිකායික මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය බැහැදැක උන්වහන්සේලා සමඟ පැය දෙකකට ආසන්න කාලයක් පුරා සාකච්ඡාවක නිරත විය. මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍යය වරකාගොඩ ඤාණරතන,රාමක්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍යය නාපාන පේමසිරි යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ මහ සංඝරත්නයත්,අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ පසු එය කඩිමුඩියේ සම්මත කිරීමේ කිසිදු අවශ්‍යතාවක් රජයට නොමැති බවත් එහි අන්තර් ගතය සම්බන්ධයේන අදහස්, යෝජනා, විවේචන ඉදිරිපත් කිරීමට සැමට අවකාශ ලබා දෙන බවත් මෙහිදී ජනපතිවරයා මහ සංඝරත්නයට දැනුම්දී ඇත.

ත්‍රෛනිකායික මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය එකඟතාවකට පැමිණ සකස් කළ ලියවිල්ලක් යෝජනා මාලාවක් ලෙස ජනපතිවරයාට මෙහිදී බාරදී තිබේ.

නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට අනවශ්‍යය බවත් අවශ්‍යනම් මැතිවරණ ක්‍රමයේ සංශෝදනයක් කිරීම වරදක් නොමැති බවත් ඇතුළු කරුණු ගණනාවක් අඩංගු ලියවිල්ලක් ජනපතිවරයාට බාරදුන් බවත් එයට ජනපතිවරයාගේ ප්‍රතිචාරය ඉතා යහපත් එකක් වූ බවත් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍යය ලේඛකාධිකාරී පූජ්‍යය නාරංපනාවේ ආනන්ද හිමියෝ කීහ.

සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා වලියේ ඇති කරුණු සම්බන්ධයෙන් ජනපතිතුමන්ට ක්ෂණික විසඳුම් ලබාදිය නොහැකි නමුත් එතුමා එම කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බවට සංඝරත්නය හමුවේ පො‍රොන්දුවූ බවත් ආනන්ද හිමියෝ පැවසූහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=cHUe5o5b6Wc&feature=youtu.be[/youtube]

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29377,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෞද්ධාගමට හිමි ප්‍රමුඛතාවයට හානි වන ව්‍යවස්ථාවක් රජය ගේන්නෙ නෑ 
බෞද්ධාගමට හිමි ප්‍රමුඛතාවයට හානි වන ව්‍යවස්ථාවක් රජය ගේන්නෙ නෑ 
http://ift.tt/2tXtBlb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_853.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_853.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy