1997 වසරෙන් පසු දකුණු කොරියාවේ පැවති මැතිවරණය දකගත හැකිවූ ඉහළම ඡන්ද ප්‍රතිශතය වන 77% ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් මෙවර වාර්තා විය. මූන්ගේ...
1997 වසරෙන් පසු දකුණු කොරියාවේ පැවති මැතිවරණය දකගත හැකිවූ ඉහළම ඡන්ද ප්‍රතිශතය වන 77% ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් මෙවර වාර්තා විය. මූන්ගේ ප්‍රතිවාදීන්ට ලබාගත හැකි වූයේ පිළිවෙළින් 24% සහ 21%බැගින් වූ ඡන්ද ප්‍රතිශතයක් පමණි.
අත්තනෝමතික හැසිරීම, බලය අපහරණය සහ වංචා චෝදනා ලබා සිටි හිටපු ජනපතිනි පාක් යුන් හේ සිරදඬුවමට ලක්වීමෙන් පසු දකුණු කොයාවේ පැවතියේ අරාජික සමයකි. මේ නිසා ඊයේ දිනයේ සිය ජයග්‍රහණය වාර්තා කිරිමෙන් අනතුරුව අද දිනයේම මූන් සිය ධුරයේ දිවුරුම් දෙමින් පස් අවුරුදු ජනපති ධුර කාලය ආරම්භ කළේය.
නව ජනපති මූන් නියෝජනය කරන්නේ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයයි. තවද ඔහු හිටපු ප්‍රජාතන්ත්‍රවාදී නායක රෝ මුන් හෙයි ගේ ද ආධාරකරුවෙකි. වැදගත්ම කාරණයක් වන්නේ මූන්, උතුරු කොරියාවෙන් පළා ආ සරණාගතයෙකුගේ පුතෙක් වීමයි. මානව හිමිකම් නීතීඥයෙක් වශයෙන් කටයුතු කිරිමට පෙර ඔහු දකුණු කොරියාවේ විශේෂ කාර්යය බලකායට සම්බන්ධ වී කටයුතු කළේය. උතුරු කොරියාව සමග පුලුල් සංවාදයකට එළඹිය යුතු බව ඔහු දැ සේ විශ්වාස කරන හෙයින් ඉදියේදී කොරියානු දෙරට අතර පවතින ගැටුම සහ විරසකය මගහරවා ගැනීමට ද ඔහුගේ පත්වීම හේතු වේ යැයි විශ්වාස කෙර්.
COMMENTS