දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තමන් ද ව්‍යසනයක් බව ලොවටම ප්‍රදර්ශනය කරන අපේ දොස්තර සංගමය
Homeවිශේෂ පුවත්

තමන් ද ව්‍යසනයක් බව ලොවටම ප්‍රදර්ශනය කරන අපේ දොස්තර සංගමය

PropellerAds

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද දහවල් නිකුත් කර ඇති වාර්තාවකට අනුව ගංවතුර හා නායයෑම් හේතුවෙන් මේ වනවිට සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 146 ක් ...

ඉඩම් චීනයට ලබාදීමට එරෙහිව සංඝරත්නය විරෝධතාවයක!
පරිභෝජනයට නුසුදුසු ආනයනික සහල් වෙළඳපොලේ
2016 මාධ්‍යවේදීන්ට භයානක වසරක් !
තමන් ද ව්‍යසනයක් බව ලොවටම ප්‍රදර්ශනය කරන අපේ දොස්තර සංගමය

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද දහවල් නිකුත් කර ඇති වාර්තාවකට අනුව ගංවතුර හා නායයෑම් හේතුවෙන් මේ වනවිට සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 146 ක් වේ. ඒ අතර තවත් පුද්ගලයින් 112 දෙනෙක් පිළිබඳව නිශ්චිත තොරතුරු දැනගැනීමට නොහැකිය. ඒ තුළින් අදහස් කරන්නේ ඒ සියලු දෙනාම අතුරුදන් වී ඇති පුද්ගලයින් ලෙසටය. ඒ සමග ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්වී ඇති පුද්ගලයින්ගේ ප්‍රමාණය හාරලක්ෂ හතළිස් දෙදහසක් පමණ වෙතැයි කියැවේ. අවධානමට ලක්ව ඇති දිස්ත්‍රික්ක ප්‍රමාණය අටකි. මේ සියලු දත්ත හා තොරතුරු මගින් පැහැදිළි වන්නේ පවත්නා තත්වයෙහි අතිබරපතළ බව ය.

ඒ කෙසේවුවද රටක් ලෙස අප ඉදිරියේ ඇති අවදානම හා අභියෝගය කෙතරම් බරපතළ වුවද නියතවශයෙන්ම ඊට මුහුණ දියයුතුව තිබේ. එහිදී පාලන තන්ත්‍රයට මෙන්ම රටක පුරවැසියාට ද ඇත්තේ අත්හළ නොහැකි වගකීමකි. පටු දේශපාලන හා අන්තවාදී අදහස් මත කටයුතු කරන කල්ලි හා කණ්ඩායම් හැරෙන්නට එහිදී රටේ අතිබහුතර පිරිස ඉතාමත් වගකීමකින් යුතුව හැකි උපරිම ශක්තිය යොදවා ඒ සඳහා පෙරට විත් සිටින බව ඔවුන් වෙත පළකරන ගෞරවයක් ලෙස මෙහිදී සඳහන් කළයුතුව තිබේ. රාජ්‍ය යාන්ත්‍රණය ද තම උපරිම ශක්තිය හා හැකියාව ඒ සඳහා යොදාගන්නට උත්සාහ කරන ආකාරයක් පෙනෙන්නට ඇත. විශේෂයෙන්ම විපතට පත් ජනතාව අතරට අන්සියල්ලටම පෙර ලඟා වූ ආරක්ෂක අංශ විපතට පත්වූවන් ඉන් මුදාගැනීම සඳහාත් අවශ්‍ය මූලික පහසුකම් හැකි පමණ ලබාදීම සඳහාත් ගෙන ඇති පියවර එහිදී අගය කළයුතුව තිබේ. විශේෂයෙන්ම ස්වභාවික විපත් ද ඇතු`එව ඇතිවන හදිසි තත්වයන් තුළ සිවිල් පරිපාලන යාන්ත්‍රණයට පිවිසිය නොහැකි බොහෝ පරාසයක සාර්ථක ලෙස ක්ෂණිකව සක්‍රිය වියහැක්කේ ඒ සඳහා සුවිශේෂි පුහුණුවක් හා යාන්ත්‍රණයක් සහිත ආරක්ෂක හමුදාවන්ට ය. එය අප රටට අදාළව පමණක් නොව ලෝකයේ සියලුම රටවලට ද අදාළව සැලකීමේදී පැහැදිළි වන සත්‍යයකි. එහෙත් එහිදී සාමාන්‍ය සිවිල් පරිපාලන යාන්ත්‍රණයට කාර්යභාරයක් නැතැයි ඉන් කිසිසේත්ම අදහස් නොවේ. පශ්චාත් ව්‍යසන කලමණාකරණය කිරීම වැනි අප හමුවේ ඇති ඉදිරි අභියෝග සළකා බැලීfමිදී ඔවුන් වෙත ද පැවරෙනු ඇත්තේ අසමසම වගකීමකි.

ඒ සමගම සිවිල් සමාජය පිළිබඳව සළකා බැලීමේදී මේ දක්වා ඔවුන් විසින් සිදුකර ඇති හා සිදුකරමින් පවතින කාර්යභාරය අතිවිශිෂ්ටය. විපතට පත් ජනතාව වෙනුවෙන් ඔවුන් මේ දක්වා ඉටුකර ඇති කාර්යභාරය ප්‍රශංසනීය වේ. ඒ සමගම අපගේ අසල්වැසි රාජ්‍යයන් වෙතින් ද ලබාදී ඇති සහ ලබාදෙන බවට ප්‍රකාශ වී ඇති සහයෝගය ද අගය කළයුතුය. විශේෂයෙන්ම ඉන්දියාව ඒ පිළිබඳ දක්වා ඇති උනන්දුව හා කාර්යක්ෂමතාවය බෙහෙවින්ම වැදගත්ය.

එහෙත් මේ තත්වය තුළ ද තම පටු දේශපාලන අරමුණු බැහැර කිරීමට අකැමති පිරිසක් ද අප අතරම සිටින බව කණගාටුවෙන් යුතුව වුව ද පෙන්වා දියයුතුය. ඒ සඳහා දැක්විය හැකි එක් නිදර්ශනයක් වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකලාපයයි. රටකට මේ තරම් විපතක් සිදුව තිබියදී වෛද්‍යවරුන් හමුවේ ඇත්තේ දැවැන්ත කාර්යභාරයකි. විපතට පත්වූ ජනතාව මුහුණ දී ඇති සෞඛ්‍ය ගැටළු පිළිබඳව සළකා බැලීමේදී ඔවුන් සතු වගකීම මෙතෙකැයි කියා ගණනය කළ නොහැකි තරම්ය. විශේෂයෙන්ම මේ ආකාරයේ ස්වභාවික ව්‍යසනයන්ගෙන් පසු නියතවශයෙන්ම හිස ඔසවන වසංගත රෝග තත්වයන් පිළිබඳව සළකා බැලීමේදී ද රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති වගකීම තේරුම්ගත හැකිය. එහිදී වෛද්‍යවරුන් සතු කාර්යභාරය අති දැවැන්තය. එහෙත් රටේ ප්‍රධානතම වෛද්‍ය වෘත්තීය සංව්ධානය ලෙස කියාගන්නා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වනතෙක් ඒ පිළිබඳව වචනයකින් හෝ අවධානයක් යොමුකර ඇති ආකාරයක් අසන්නට නොමැත. ඒ වෙනුවට ඔවුන් මේ මොහොතේදීත් සූදානම් වන්නේ ඉදිරියේදී ද වෛද්‍ය වැඩවර්ජනයක් සැලසුම් කරන්නටය. ඒ සඳහා වන සාකච්ඡාවක් හෙට දහවල් 1.00 ට පමණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේදී පැවැත්වෙන බවට සිය සගයන්ට පණිවුඩ නිකුත්කර තිබිම මගින් ඒ බව පැහැදිළි වේ.

නියතවශයෙන්ම එය සැලකිය හැක්කේ වෛද්‍යවරුන්ගේ ආචාරධර්ම අමුඅමුවේම කෙලසන වෛද්‍ය සදාචාරය හා වෛද්‍යවරයා සතු සමාජ වගකීමට පයින් ගැසීමක් ලෙසටය. රට හමුවේ මෙවන් දැවැන්ත විපතක් සිදුව තිබියදීත් ඒ පිළිබඳව සංවේදී නොවන වෛද්‍ය සේවයක්, වෛද්‍ය වෘත්තීය සංගමයක් ලෝකයේ වෙන කිසිදු රටක තිබිය නොහැකිය. එවැන්නක් ඇති රටකට ඇතිවිය නොහැකි විපතක් ද නැති බව මෙහිදී සියලු දෙනාම තේරුම්ගත යුතුව තිබේ.

සුනිල් ජයසේකර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29429,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තමන් ද ව්‍යසනයක් බව ලොවටම ප්‍රදර්ශනය කරන අපේ දොස්තර සංගමය
තමන් ද ව්‍යසනයක් බව ලොවටම ප්‍රදර්ශනය කරන අපේ දොස්තර සංගමය
http://ift.tt/2r3FNOF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_508.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_508.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy