නීතිඥ සේපාල රත්නායක උන්නැහේ රාජපක්ෂ රෙජිමයේ අවසාන කාලෙ සේවය කරමින් හිටියේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ. මහින්දට ඡන්ද ව...
නීතිඥ සේපාල රත්නායක උන්නැහේ රාජපක්ෂ රෙජිමයේ අවසාන කාලෙ සේවය කරමින් හිටියේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ. මහින්දට ඡන්ද වැඩ කරලා, මෑන් පැරදුනාම සේපාල හෙමීට ලංකාවෙන් මාරුවෙලා එංගලන්තෙට ගිහිල්ලා.
ඔය අල්ලපනල්ලෙ තමයි කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ කට්ටියටම CID එකෙන් නඩු වැටුනෙ. සේපාල නඩුවට ආවෙ නැති නිසා මිනිහට වරෙන්තු උනා. අන්තිමට සේපාල කළේ හයි කමිෂන් එකේ රස්සාවත් අතෑරලා අන්තරස්දාන වෙච්ච එක. හයි කමිෂන් එකේ කට්ටිය ඒ කාලෙ කිව්වෙ සේපාල ස්කොට්ලන්තෙ හැංගිලා ඉන්නවා කියලා. පහුගිය දවසක රුසියාවෙ හිටපු ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය උදයංග වීරතුංග මැතිතුමත් සේපාල හම්බවෙන්න ස්කොට්ලන්තෙට ගිහින් බාර්න් හවුස් එකක් ඇතුළෙ ස්කොට්ලන්තයේ ගෘහ කර්මාන්ත නිෂ්පාදන පානය කරලා තියනවා.
එතන හිටිය එක්කෙනෙක්ගෙන් තමයි මේ ඩීල් එක සෙට්වෙලා තියෙන්නෙ.
ඩීල් එක තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ බාල මලයා වන ඩඩ්ලි සිරිසේන හරහා ජනාධිපතිතුමාට කතා කරලා කේස් එක සෙට්ල් කරගන්න එක. ඒකෙ බ්‍රෝකර් තමයි ඩඩ්ලිගෙ හොඳය යාලුවෙක් වන අශෝක. අශෝක වැඩකරන්නෙ ෆිෂරීස් එකේලු. මෑන් තමයි ඩඩ්ලිව හම්බවෙලා ඇපයක් දාගෙන තියෙන්නෙ.
කොහොම හරි අශෝක සේපාලගෙන් සැහෙන්න ගාණක් කපාගෙන ඩඩ්ලිව විකුණලා. හැබැයි ඒ සල්ලිවල කොටසක් හරි ඩඩ්ලිට හම්බුනාද කියලා කවුරවත් දන්නෑ. අන්තිමට ජනාධිපතියි ඩඩ්ලියි නියමෙටම විකිණිලා. රාජපක්ෂලාගෙ කාලෙ උනෙත් ඕකම තමයි. අශෝක ඊළඟ ඩීල් එක දාන්න හදන්නෙ මහාචාර්ය උදයංගතුමාටලු.
ජනාධිපතිතුමෝ ඔබතුමා ජරාව කන්නෑ කියලා අපි දන්නවා, ඒත් වටපිටේ ඉන්න අය ගැන පරෙස්සමෙන්.
COMMENTS