ජාතික ජන බලවේගය වර්තමාන රජයට ඇති ජනතා පක්ෂපාතිත්වය ඉතාම තාවකාලික බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. එම අස්ථාවර ඡන්ද පදනම...
ජාතික ජන බලවේගය වර්තමාන රජයට ඇති ජනතා පක්ෂපාතිත්වය ඉතාම තාවකාලික බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.
එම අස්ථාවර ඡන්ද පදනම පවත්වාගෙන යාමට නම් ආණ්ඩුව විශාල වශයෙන් එම ජනතාවගේ අපේක්ෂාවන් සමග සිටිය යුතු බවත් හෙතෙම කියා සිටි.
එ් අනුව මහින්ද රාජපක්ෂ කල ආකාරයෙන්ම දරුවන් වඩා ගැනීම, බදාගැනීම ආදී කටයුතු අද අනුර දිසානායක මහත් ජනාධිපතිවරයාද සිදු කරන්නේ එය තේරුම් ගෙන බවද පවසන ඔහු නමුත් ඒවායෙන් පමණක් දිගටම යා නොහැකි බවද කියා සිටී.
තාවකාලිකව එවන් ක්‍රියාවලි හරහා ජනතාව රදවා ගත හැකි නමුත් ජනතාව බඩ සහ සාක්කුව ගැන හිතන බවද ඔහු කියා සිටියි.
දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
COMMENTS