දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ලොකු අනතුරක් වළක්වයි.
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ලොකු අනතුරක් වළක්වයි.

PropellerAds

සිදුවීමට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට යූ එල් 166 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමත්වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. ඉන...

උතුරේ ප්‍රශ්නයට ඉන්දියාවේ සැලකිල්ල මදි - විග්නේශ්වරන් ඉන්දීය මහ කොමසාරිස්ට කියයි
උතුරේ හමුදාව රැඳී සිටීම දෙමළ වැසියන්ට බාධාවක් - ආනන්ද සංගරී
සපුගස්කන්දේ ඉන්ධන නළයක තෙල් කාන්දුවක්

සිදුවීමට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට යූ එල් 166 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමත්වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඉන්දියාවේ කෝචි සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ යානයේ සිටි මගියකුට අයත් ගමන් මල්ලක තිබූ ජංගම දුරකථනයක් හෝ ලිතියම් බැටරි ඇසුරුමක් ගිනිගැනීමක් හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබේ.

යානයේ සිටි මගීන් සිය සුපුරුදු ආකාරයෙන්ම සිටියදී යානයේ කාර්ය මණ්ඩලය තත්ත්වය පාලනය කිරීමට සමත් විය. මේ සිද්ධියෙන් යානයේ සිටි මගීන් 202ක් අතුරින් කිසිවකුට හෝ එහි කාර්ය මණ්ඩලයේ කිසිවකුට කිසිදු අනතුරක් සිදුනොවී නියමිත වේලාවටම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟාවීමට හැකිවූ බව ගුවන්තොටුපොළ ආරංචි පවසයි.

මිනිත්තු 70ක ගුවන් කාලයේ දී ආහාර වේලාව අවසන්වී සුළු මොහොතකින් යානයේ පසුපස ඇති ගමන් මලු බහා ඇති ඉහළ රාක්කයෙන් දුමක් නගින බවට එහි කාර්ය මණ්ඩලයට දැනගන්නට ලැබී ඇති අතර  යානයේ කුටි කළමනාකරු සහ කැප්ටන්ට ඉතා ඉක්මනින් මේ බව දැනුම්දී ඇති අතර යානයේ පිටුපස කුටියේ කාර්ය මණ්ඩලය ගිනි ආරක්ෂණ මෙවලම් පැළඳ අදාළ ගමන් මලු සහිත පෙට්ටිය විවෘත කර ඇත. ඒ සමග ගිනි නිවීමේ උපකරණ මගින් දුමක් පිටවෙමින් තිබූ ගමන් මල්ල නිවා දැමීමට සමත් වූ ඔවුන් ඉතා ඉක්මනින් එම බෑගය මගීන්ට එපිටින් වූ යානයේ පිටුපස කොටසට විසිකර ඇත. ඒ සමගම එම බෑගයෙන් යළිත් වරක් වේගයෙන් දුම් පිටවී ඇති අතර එය ලිතියම් ගිනිගැනීමක් නිසා ඇතිවූවක් බවට සැකයක් මතුවී තිබේ. ඒ සමග ක්‍රියාත්මක වූ නිලධාරීහු ලිතියම් ගිනි නිවන උපකරණ මගින් එම ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කළහ. පසුව කළ ගවේෂණවලදී යානයේ කාර්ය මණ්ඩලය විසින් එම බෑගයේ තිබී ලිතියම් බැටරි ඇසුරුමක් හා ජංගම දුරකථන දෙකක් සොයාගනු ලැබීය.

ඒ සමග යානයේ කාර්ය මණ්ඩලය කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට දන්වා සිටියේ යානයේ අනතුරුදායක භාණ්ඩ ඇති බවත් ඒ සඳහා විශේෂඥ ආරක්ෂකයන්ට සූදානම්ව සිටින ලෙසත් ය.

 මෙම තත්ත්වය පාලනය කරන තුරු යානයේ සිටි මගීන්ට අනතුරු සංඥා නිකුත් කර ඔවුන් ඉවත් කිරීමට හෝ හදිසි ගොඩබෑමක් සිදුකිරීමට අවශ්‍ය නොවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ලොකු අනතුරක් වළක්වයි.
ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ලොකු අනතුරක් වළක්වයි.
http://ift.tt/2hg2Ker
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_800.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_800.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy