දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

උන් බයයි අපේ දරුවෝ නිදහස් කරන්න! (වීඩියෝ )

දැනට හෙළිවී ඇති ආකාරයට කප්පම් ලබා ගැනීමේ අරමුණින් අතුරුදහන් කළ එම පිරිස අද දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ කටගැස්මක් වී ඇති බවද සටහ...

උන් බයයි අපේ දරුවෝ නිදහස් කරන්න! (වීඩියෝ )
දැනට හෙළිවී ඇති ආකාරයට කප්පම් ලබා ගැනීමේ අරමුණින් අතුරුදහන් කළ එම පිරිස අද දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ කටගැස්මක් වී ඇති බවද සටහන් කළ යුතුය. දේශපාලනය තුළ දිව හැරෙන හැරෙන අතට කතන්දර කීම අරුම පුදුම දෙයක් නොවේ. එහෙයින් මේ වන විට මෙකී සිදුවීම් වලට මුවා වෙමින් කෙරෙන දේශපාලන හරඹයන් වටහා නොගැනීමට තරම් මන්ද මානසිකත්වයක් ජනතාවට නැතැයි අපි විශ්වාස කරමු. මේ එකොළොස් දෙනා පමණක් නොව පසුගිය සමයේදී තවත් බොහෝ දෙන අතුරුදහන් විණි. ඒ අතුරුදහන් වූවන්ගෙන් නැවත පැමිණියේ ඉතාම සුළුතරයකි. සෙස්සන්ට කුමක් සිදු වූයේද යන්න අදටත් ඇත්තේ ප්‍රෙහේලිකාවකි. බලයේ කඩතුරාවට මුවාවෙමින් මිනිසුන්ගේ ජිවත් වීමේ නිදහස උදුරා ගත්තේ එලෙසය. පින් බිමක අරුමය!

එහෙත් කිසියම් හෝ අභිමානයකට ඇත්තේ තම දරුවන්,ඥාතීන්,හිතෛෂීන් වෙනුවෙන් යුක්තිය ඉටුකරගනිමෙන් මිස නොනවතින අරගලයක නිරත වී සිටීමය. අපගේ ප්‍රස්තුත කාරණයේදීද එම මව් පියන් , සහෝදරයන් ඇතුළු හිතෛෂීන් වසර 9ක සිට වෙහෙසෙන්නේ එකී ජිවිත වලට යුක්තිය ඉටුකර ගැනීමටය. මානව හිමිකම් වලට දොහොත් මුදුන් දී ගරු කරන සමාජයක තම ලෙයින් උපන් දරුවන්, සහෝදරයන්, එක බත්පත ලෙහාගෙන කෑ හිතවතුන් "පැහැරගෙන ගොස් අතුරුදහන් කරන විට" ඒ මිනිසුන්ගේ පපු කුහරයේ නලියන වේදනාව මෙතෙකැයි කියන්නට හැකියාවක් නැත. දේශපාලන හේතු මත හෝ කප්පම් මත හෝ වෙන කුමන හෝ ආකාරයක හේතු මත හිතු හිතූ ආකාරයට මිනිස් ජීවිත පිළිබඳ තීරණය කළ නොහැකිය. එහෙයින් එකී සියල්ලෝම වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතුය. තම හිතෛෂීන් පිළිබඳ වන ජීවමාන බලාපොරොත්තුවට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් වගකිව යුතු සියල්ලෝම වගකීමට බැඳී සිටිති.

යුක්තිය ඉටුකරගැනීමෙන් මිස නැවත හැරවීමක් නොමැති ඒ මිනිසුන්ගේ අරගලය තව දුරටත් ශක්තිමත් වියයුතුය. ඒ මව්පියන්ගේ අරගලය මේ බිමේ හැරවීමක් වියයුතුය. එහෙයින්ම මේ සටහන තැබීමට වගකීමක් ඇති බව අපි විශ්වාස කරමු.

2008 සැප්තැම්බරයේ අතුරුදහන් වූ එම පිරිසේ සිටි මොහොමඩ් ඩිලාන් මොහොමඩ් එවකට 24 වියේ පසු වූ තරුණයාගේ මව වන ජෙනිෆර් වීරසිංහ 2009 වසරේ සිට අද වෙනතුරු තම දරුවාගේ ජීවිතය වෙනුවෙන් අඛණ්ඩ අරගලයක නිරතව සිටියි.

අපේ දරුවෝ ඉන්නවා ඒක විශ්වාසයි!
බලාපොරොත්තුව තුළ දවස් ගෙවෙන ඒ ජීවිත අඳුරු මතකයන් හා සිදුවීම් හා සමඟ පොරබදිමින්ය. ඉතින් ඔවුන්ට යුක්තිය හැර අන් යමක් අවැසි නැත.

[youtube height="300" width="560" align="left|right|none"http://www.youtube.com/watch?v=Mp0wSQdAfp8[/youtube]

දැන්වත් දරු දුක තේරෙනවද?
දරුවන් සොයා ගැනීමට ඔවුන් නොගත් වෙහෙසක් නොමැත. නොගිය තැනක් නොමැත. නොලියපු ලියුම් කරදහියක් නොමැත. එහෙත් ඒ හඬ ඇසුණේ කීයෙන් කී දෙනාටද?

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=QyWmySiiHU4[/youtube]

පැහැර ගත්ත කියලා පිළිගන්නවා නම් දරුවන්ට මිකද වුණේ කියලා කියන්න!
මේ මොහොත වන විට ඔවුන් බොහෝ දුර පැමිණ තිබේ. සමාජයෙන් වසන් කරන්නට උත්සහ ගැනුණු එම සිදුවීම නැවත කරළියට පැමිණෙන්නේ එහෙයිනි. එම අතුරුදහන් කිරීමට සම්බන්ධ බවට සැක පිට පිරිසක් දැන් අත්අඩංගුවේය. හෙට දිනයේදී තවත් බොහේ දේ අනාවරණ වීමට නියමිතය. එනිසාවෙන්ම විවිධ වූ වේශයන්ගෙන් බාධකිරිම්ය.

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=-5RVZGIirKw[/youtube]

වැඳලා කියන්නේ දේශපාලකයන් මේකට මැදිහත් වෙන්න එපා CID ය වැඩේ කරයි!
ඇතැමෙකුට අනෙකාගේ වේදනාව වැටහීමට නම් එකී වේදනාව තමන්ගේ දෙපතුල ළඟටම පැමිණිය යුතුය. කඳුළු කෙතරම් බර වැඩිද යන්න හැගෙන්නේ තම තමන්ගේම ඇසෙන් කදුළු වැටෙන විටය. ඇතැමෙක් සිනා සෙන විට ඒ සිනාව තවකෙකුගෙන් උදුරා ගෙන ඇත්තේ ඒ මනුෂ්‍ය බැඳීම් මායිම් නොකළ හෙයිනි. එහෙත් දැන් අවැසි කම්පාව හෝ අනුකම්පාව නොව සැබෑ ලෙසම යුක්තියයි.

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=EyQRH8n0uig[/youtube]

ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උන් බයයි අපේ දරුවෝ නිදහස් කරන්න! (වීඩියෝ )
උන් බයයි අපේ දරුවෝ නිදහස් කරන්න! (වීඩියෝ )
http://ift.tt/2uPtQhN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_710.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_710.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy