සංශෝධිත නව බස්ගාස්තු අද (1) සිට ක්‍රියාත්මක කෙරේ... මේ අනුව ශ්‍රී ලංගම හා පුද්ගලික බස් ගාස්තු අද සිට සියයට 6.28 කින් වැඩිවන අතර අර්ධ සුඛෝ...
මේ අනුව ශ්‍රී ලංගම හා පුද්ගලික බස් ගාස්තු අද සිට සියයට 6.28 කින් වැඩිවන අතර අර්ධ සුඛෝපභෝගි , සුඛෝපභෝගි අධිසුඛෝපභෝගි බස් ගාස්තුද වැඩිවේ. රුපියල් 9 අවම බස්ගාස්තුව රුපියල් 10 ක් වෙයි.ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නව බස් ගාස්තු චක්‍රය සකස්කරන අතර සෑම වසරකම ජූලිමස 1 වැනිදා සිට එය ක්‍රියාත්මක කෙරේ.
ඉන්ධන මිල, අමතර කොටස්මිල , ලීසිං වාරික විදුලි දුරකථන බිල් ඇතුළු කරුණු 14 ක් සැලකිල්ලට ගනිමින් ගාස්තු සංශෝධනය කෙරෙන අතර එහිදි ගාස්තු අඩුවිම හෝ වැඩිවීම සිදුවේ.
අනුමත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අයකරන අය පිළිබඳව සෙවිල්ලෙන් සිටින බවත්, එසේ වැඩියෙන් මුදල් අයකරන අන්තර් පළාත් ( දුරසේවා ) හා දක්ෂිණ අධිවේගි මාර්ග පෞද්ගලික බස් රථ වෙතොත් ඒ පිළිබඳව 1955 දුරකථන දන්වන ලෙසත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පි. හේමචන්ද්‍ර මහතා දන්වා සිටී.
COMMENTS