සිංහළ බෞද්ධයන්ට මේ වන විට විවිධ තාඩන පීඩන වලට ලක්වීමට ඇති බවත් උතුරේ ජීවත්වූ සිංහල බේකරි හිමියන් අතුලු විශාල පිරිසකට එම ප්‍රදේශවලින් ඉවත්...
සිංහළ බෞද්ධයන්ට මේ වන විට විවිධ තාඩන පීඩන වලට ලක්වීමට ඇති බවත් උතුරේ ජීවත්වූ සිංහල බේකරි හිමියන් අතුලු විශාල පිරිසකට එම ප්‍රදේශවලින් ඉවත්වීමට සිදුව ඇතැයි ද හිටපු අමාත්‍යවරයා කීවේය.
මහනුවරට පැමිණී ඒ මහතා අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපණන් වහන්සේ සහ මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
රටේ පවතින ගැටලු සහගත තත්ත්වය තමන් ආරම්භයේ සිට හොදාකාරව නිරීක්ෂණය කළ බවත් ඇතැම් ඇමතිවරුන් වියරුවැටී සිටින අයුරින් හැසිරීම නිසා සාමාන්‍ය මහජනයා පීඩාවට පත්ව ඇතැයි ඒ මහතා මහා නායක හිමියන් හමුවේ කීහ.
මේ නිසා තමන් සිය නායකත්වය යටතේ ජනතා පක්ෂය නමින් පක්ෂයක් පිහිටුවන බවත් එහි ලියාපංදිචිය නුදුරේදීම ලැබෙනු ඇතැයි මහා නායක හිමියන් හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව කීවේය.
පසුගිය ආණ්ඩුව යටතේ අමාත්‍යධූරයක් දැරූ තමන් බෙලිඅත්ත ආසනයේ සිට පැමිණි නමුත් මැතිවරණයේදී ඉහළ මනාප ලබා ගැනීමට හැකිවූ බව කී ඒ මහතා මෙසේ කීහ. මට මැතිවරණයේදී නාම යෝජනා ලබාදීමට අවස්ථාව දුන්නේ නැහැ. මම එවකට ජනාධිපතිතුමාගෙන් විමසුවා, ඇයි මට ඡන්දයට ඉදිරිපත්වීමට ඉඩ නොදෙන්නේ කියා? එවිට ඔහු කීවේ මේක කළේ බැසිල් බවයි. ඉතින් එතුමාට කොන්ද පණ නැද්ද මාව මැතිවරණයට ඉදිරිපත් කරන්න.
මම මොකද්ද කරපු වරද? ඩෙංගු ඉහළ යන නිසා ආදර්ශයක් ලෙස නිලධාරියෙකු ගස් බැන්දා තමයි. ඒ නිසා මගේ ආසනයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය වුණා. මම කුඩු වික්කාද? හොර ජාවාරම් කළාද? නෑ. නමුත් වැඩි මනාප ලබා ගනියි කියලා බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා මට නාම යෝජනා ලබා දුන්නේ නැහැ. ඒ නිසයි මම මෙහෙම ඉන්නේ.
අවශ්‍ය අවස්ථාවලදී මම අවශ්‍ය තැන්වලට ඉදිරිපත් වෙනවා. ඒ සදහා ඇමතිධූර අවශ්‍ය නැහැ. ලෝක බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍ය සදහා මහනුවර බෞද්ධ කොඩි දැමීමට අවස්ථාව නොමැති බව මට දැන ගන්න ලැබුණා. මම බෙලිඅත්තේ හැසිරීමෙන් මුලු මහනුවර නගරයම බෞද්ධ කොඩි වලින් සැරසුවා. කවුරුත් මට විරුද්ධව මුකුත් කිව්වේ නැහැ.
වැවයි දාගැබයි ගමයි පන්සලයි කියමින් ජීවත් වුණාට වැඩක් නැහැ, කහ චීවරයි මහා සංඝරත්නය රැක ගැනීමට නොහැකව. මේ සියලු දේ ආරක්ෂ කර ගත යුතුයි. චීවරයයි, මහා සංඝරත්නයයි නොමැති නම් මේ රටේ වැවයි දාගැබයි ගමයි පන්සලයි ඉතිරිවන්නේ නැහැ. යමෙකු මේ සදහා විරුද්ධව කටයුතු කරන්නේ නම් දෙවියන් මහා ශක්‍රයා පවා කෝප වන සිද්ධියක්.
මේක නිර්භීතව පෙරමුණ ගනිමින් කළ නොහැකියි. කොටියාට ඕනි ලෙස මේ රට බෙදන්න බැහැ. මේ රටේ බෙදන්න ඉඩක් තිබෙනවාද? සංහිදියාව කියමින් මේ රට බෙදන්න ඉඩ නොදිය යුතු යැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් කීවේය.
නුවර නදීක දයා බණ්ඩාර
COMMENTS