ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තහනම් කිරිමට ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. ඒ ම...
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තහනම් කිරිමට ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දීය.
කෙසේ වෙතත් ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තහනම් කළ ආකාරය ගැන තමාට එකඟ විය නොහැකි යැයි ද ඇමැතිවරයා එහි දී සඳහන් කළේය.
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තහනම් කළ යුතුව තිබුණේ ඒ සඳහා උසාවි නියෝගයක් ලබාගෙන යැයි ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කීය.
COMMENTS