මහියංගණය, වියානා ඇලට මෝටර් රථයක් පෙරලීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇත. මියගොස් ඇත්තේ මහනුවර, දිග...
මහියංගණය, වියානා ඇලට මෝටර් රථයක් පෙරලීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇත.
මියගොස් ඇත්තේ මහනුවර, දිගන ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 40 හැවිරිදි කාන්තාවකි.
එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ නිවුන් දරුවන් දෙදෙනා මෙම මෝටර් රථයේ ගමන් කර ඇති බව වාර්තා වේ.
මව සහ පියාගේ මළ සිරුරු මෝටර් රථය තුළම තිබී ඇති අතර පිරිමි දරුවන් දෙදෙනාගෙන් අයකු දිවි ගලවාගෙන ඇති අතර අනෙකා දියේ ගිලී අතුරුදන්ව ඇති බව සඳහන් වේ.
17 හැවිරිදි ඔවුන්ගේ පුතා සෙවීමේ සෝදිසි මෙහෙයුම් මේ වන විට සිදුකෙරෙන බව සඳහන් කළේය.
COMMENTS