අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (19) යුරෝපා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ සංවිධානය කර තිබූ ආර්ථික සංවර්ධන ප්‍රමුඛතා යළ...
මෙරට කර්මාන්තකරණය ව්‍යාප්ත කිරීමේ මුල් අදියර ලෙස මහනුවර සිට හම්බන්තොට දක්වා පළමු කර්මාන්ත කලාපය ඇතිකරන බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේ. ඊට මහනුවර,කෑගල්ල,කුලියාපිටිය,ගම්පහ,කොළඹ කළුතර,ගාල්ල,මාතර,හම්බන්තොට සහ මොනරාගලයන දිස්ත්‍රික්ක ඇතුළත් වන අතර එම කර්මාන්ත කලාපයේ ගුවන් තොටුපොළ දෙකක් සහ වරායන් දෙකක් ස්ථාපනය කිරීමට නියමිත් බවයි අගමැතිවරයා කියා සිටියේ.
" ප්‍රධාන වශයෙන් යුරෝපා වෙළෙඳ පොළට ඇතුල්විය යුතු වන අතර අනෙක් පසින් ජපානය,චීනය,සහ ඉන්දීය වෙළෙඳපොළටද ඇතුළු වියයුතු වනවා. එවිට රටේ කර්මාන්ත,සංචාරක යන ක්ෂේත්‍ර දියුණු වෙනවා. මුල්‍ය සේවා,සාගර ප්‍රවාහනය වැඩිවෙනවා. එයින් රැකියා අවස්ථා බිහිවනවා. අප උත්සහ කරමින් ඉන්නේ එම තත්ත්වය ඇති කිරීමටයි.
ගෙවී ගිය දෙවසර තුළ අප කුමක් කළේද යන්න ඇතැමුන් විමසනවා. එදා වීර අලකේශ්වර සෙන්පතියා මද වගුරක්ව තිබු ප්‍රදේශයේ කෝට්ටේ රාජධානිය නිර්මාණය කළා. එලෙසින්ම අපටත් ලැබුණේ මඩ වගුරක් බව කිව යුතුයි. එය මඩ වගුරක් පමණක් නොව එහි සර්පයින්,නරියන්,බල්ලන්,වවුලන් ආදී සතුන් පවා සිටියා. එය පිරිසිදු කිරීමට අපට දෙවසරක් ගත වුණා.
අපට වැඩිපුරම කරන්න වෙලා තියෙන්නේ ලබා ගෙන ඇති ණය ගෙවීම. එම ණය ගෙවීමට ඉදිරි වසර තුන තුළ පමණක් රුපියල් කෝටි හාරලක්ෂ විසිදහසක් අවශ්‍ය වෙනවා. මෙම ණය ගෙවමින් වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර ජාතික අධ්‍යාපනය දියුණු කිරීමට නම් අපට විදේශ ආයෝජන අවශ්‍ය වෙනවා. ඒ වගේම මහා පරිමාණ මෙන්ම මාධ්‍ය පරිමාණ දේශීය ආයෝජකයන්ද ආයෝජනය කළ යුතු වෙනවා. රටේ තරුණ තරුණියන්ට රැකියා ලබා දිය යුතුයි. රැකියා කරන්නන්ගේ ආදායම වැඩි විය යුතුයි. ඒ නිසා තමයි අපි යුරෝපා වෙළෙඳ පොළට ඇතුළු විය යුත්තේ."
එමඟින් අප සංවර්ධනයේ මාවත නිර්මාණය කර ගතයුතු වන අතර එසේ නොමැති වුවහොත් රටට අනාගතයක්ද නොමැති බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS