එමෙන්ම උතුරු කොරියානු කම්කරුවන්ගේ ජීවිත වලට විශාල තර්ජනයක් මෙම උමං මාර්ග ආශ්‍රිව සිදුවෙමින් පවතී . ජපන් රූපවාහිනී නාලිකාවක්වන අසාහී ටී ව...
එමෙන්ම උතුරු කොරියානු කම්කරුවන්ගේ ජීවිත වලට විශාල තර්ජනයක් මෙම උමං මාර්ග ආශ්‍රිව සිදුවෙමින් පවතී .
ජපන් රූපවාහිනී නාලිකාවක්වන අසාහී ටී වී ( Asahi TV) විසින් මෙම භූමි තර්ජනය ගැන මුලින්ම අනාවරණය කරන ලද අතර ඔවුන් පවසන පරිදි නිශ්චිතවම කම්කරුවන් මිය ගියේ කවදා දැයි යන්න රහසකි.
අද වන විට මෙම න්‍යෂ්ටික පර්ක්ෂණ සිදුවන ප්‍රධාන භූමියක් වන පන්ග්‍යා රේ ප්‍රෙද්ශය දරුණු භූමි ඛාදනයකට ලක්ව ඇති අතර එමගින් පොළෙව යට කිදා බැසීම් කෙමෙන් වර්ධනය වෙමින් පවතී.
ඇමරිකානු සහ කොරියානු සහයොගීතා ආයතනයක් වන ජෝර්ජ් හොප්කින්ස් විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද පර්යේෂණ වලදී හෙළි වී ඇත්තේ උතුරු කොරියානු පාලනය විසින් පොළව තුළ සිදු කරන ලද හය වන න්‍යෂ්ටික අත්හදා බැලීම මෙම බොහෝමයක් විනාශයන්ට හේතු පාදක වී ඇති බවයි.
එමෙන්ම එමගින් අනාවරණය වූ කරුණු අනුව මේ උමග ආශ්‍රිත කදු පංතියම මෙම තර්ජනයට මුහුණ දෙමින් සිටී "Tired mountain syndrome" එවැනි තත්ත්වයක් පැවතුනද මෙම භුමිය උතුරු කොරියාව විසින් සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් සදහා භාවිත නොකරනු අති බවට කිසිදු සළකුණක් පෙලනෙන්නට නැත.
දකුණු කොරියානු කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු ප්‍රධානි නම් . ජේ . චෝල් Nam Jae-chol අවධාරණය කර සිටියේ,
තමන් විසින් ගනු ලැබූ චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව ඉතා විශාල ආවාට මෙම කදු පංති ආශිුත භූමියේ සෑදී ඇති බවත් ඒවා අතර මීටර් 60ත් මීටර් 100ත් අතර ගැඹුරු ආවටද එහි දැක ගත හැකි බවත්ය.
ඔහුට අනුව මෙම පන්ග්‍යෙය් රේ Punggye-ri න්‍යෂ්ටික අත්හදා බැලිම් ඒ ආශ්‍රිත කදු පංතිය බිමට සමතලා කිරීමට හොතු විය හැකි වන අතර එසේ වුවහොත් සිදුවන විකිරණ කාන්දුව නවතා ලීමට කිසිවකු සමත් නොවනු ඇත.
මේ බව සිය අදහස් දක්වන චීන විද්වතුන් පවසා සිටින්නේ උතුරු කොරියානුවන් ගේ වැරදි නිසා සිදු වන්නට යන මෙම කදු පංතිය බිමට සමතලා වීමෙන් සිදුවනන විකිරණ කාන්දුව නිසා සමස්ත පෘථිවි අර්ධගෝලයම දැඩි තර්ජනයකට ලක්විය හැකි බවයි.
හංසනී සම්පත් ගුණරත්න
COMMENTS