හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ “රට නොබෙදමු බලය බෙදමු” යන තේමාව යටතේ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන්...
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ “රට නොබෙදමු බලය බෙදමු” යන තේමාව යටතේ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන්ම දේශපාලන වාසි තකා යෝජිත නව ව්‍යවස්ථාවට විරුද්ධ වීම කණගාටුවට කරුණක් බව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසිය.
ඔහු එබව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ අද (31) පැවැති ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තා විවාදයට එක්වෙමිනි.
2000 වසරේ ගෙන ඒමට සුදානම් වු ව්‍යවස්ථාවේ පලාත් සභා වල අනුමැතියකින් තොරව පලාත් සභා බලතල ආපසු පවරා ගැනීමට නොහැකි යැයි යෝජනා වී තිබු බව සිහිකර දුන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, මෙවර යෝජිත ව්‍යවස්ථාවේ එතරම් බලයක් පලාත් සභා වෙත ලබා දීමට යෝජනා වී නොමැති බව පෙන්වා දුන්නේය.
එවැනි බලයක් සහිත ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටි අය යෝජිත නව ව්‍යවස්ථාවට එරෙහි වීම කණාගටුවට කරුණක් බව මන්ත්‍රීවරයා කියා සිටියේ ය.
තේ පෝච්චිය හා රාජ්‍ය බලය:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍යංශය විසින් 2007 වසරේ පැවති සාකච්ඡාවකට පැමිණි කීර්තිමත් නිතිඥයෙකු “මොනවද දෙමළ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න අපි එකම බස් එකේ යන්නෙ එකම තේ පෝච්චිය බෙදා ගන්නෙ” යනුවෙන් කී විට තමන් එයට පිළිතුරු වශයෙන් ” ඔබ තේ පෝච්චිය බෙදා ගන්න ලැස්ති ඒත් ඔබ රාජ්‍ය බලය බෙදා ගන්නට ලැස්ති නැහැ ඒක තමයි ප්‍රශ්නෙ” යැයි ප්‍රකාශ කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා කියා සිටියේය.
අධිපති රාජ්‍යයන් තුල ගැටුම් ඇති වන බව පෙන්වා දුන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, විවිධ සංස්කෘතියන් සහිත විවිධ අදහස් සහිත පුද්ගලයන් ආණ්ඩු කරනයට සම්බන්ධ කර ගැනීමට අපොහොසත් වුවහොත් එවැනි රාජ්‍ය තුළ ප්‍රශ්න ඇති වන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(ceylonjournals)
COMMENTS