නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා බැන වැදීම හේතුවෙන් බුලත්සිංහල ජාතික පාසලේ විදුහල්පතිනිය පාසලට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇතැයි පාසල් ස...
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා බැන වැදීම හේතුවෙන් බුලත්සිංහල ජාතික පාසලේ විදුහල්පතිනිය පාසලට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇතැයි පාසල් සංවර්ධන කමිටුව පවසයි.
විනය විරෝධී හැසිරීමක් හේතුවෙන් පාසලෙන් ඉවත් කර තිබූ දරුවකු පාසලට ඇතුළත් කර ගන්නා ලෙස තර්ජනය කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා විදුහල්පතිනියට පසුගිය මස 23 වන දින බැන වැදී ඇති බව බුලත්සිංහල ජාතික විදුහලේ පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකවක් පවසා ඇත.
පසුගිය 6 වැනිදා නියෝජ්‍ය අමාත්‍යවරයා විදුහල්පති එස්.ඩි.විමලවිරට බැන වැදීම නිසා එදින සිට මේ දක්වා විදුහල්පතිනිය පාසලට පැමිණ නොමැති බව ද විදුහල්පතිවරයෙකු නොමැති හෙයින් පාසලේ සියලු කටයුතු අඩාල වී ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය අසමත් සිසුන් පාසලට ඇතුළත් කර නොගෙන සිටීමට විදුහල්පතිනිය කටයුතු කර ඇති බවයි.
චක්‍රලේඛයට අනුව එම සිසුන් විදුහලට ඇතුළත් කර ගත යුතු බවත් ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරිය දැනුවත් කිරීමක් පමණක් සිදු කළ බවත් බැන තර්ජනය කළ බවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික පාසල් අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක මහතා සඳහන් කළේ ඉදිරියේදී මෙම පාසලට නව විදුහල්පතිවරයෙකු පත් කිරීමට පියවර ගන්නා බවත් දැනට වැඩබලන විදුහල්පතිවරයා පාසලේ කටයුතු අධික්ෂණය සඳහා පත් කර ඇති බවත්ය.
COMMENTS