දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුහුණුව ඕස්ටේ‍්‍රලියන්.. නිදා ගැනීම ඉතියෝපියන්..
Homeප්‍රවෘත්ති

පුහුණුව ඕස්ටේ‍්‍රලියන්.. නිදා ගැනීම ඉතියෝපියන්..

PropellerAds

වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාලන සමයේ මේ රටේ ජාතික ක්‍රීකට් සංචිතයේ පිට පළාත් ක්‍රීඩකයන්ට රෑට ක්‍රිකට් ආයතනයේ බැඩිමින්ටන් කෝට් එක යට ‘ඉතිය...

මීගමුව බන්ධනාගාරයේ සැප ඇඳක් 25,000යි - සුඛෝපභෝගී සිරමැදිරියක් ලක්‍ෂයයි
එජාප නායක වෙන්න මං සූදානම් !
විදුලිය බිද වැටුනේ තාක්‍ෂණික දෝෂයකින් නොවේ.. ආණ්ඩුව හිතා මතා කල දෙයක් - චමින්ද විජේසිරි
වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාලන සමයේ මේ රටේ ජාතික ක්‍රීකට් සංචිතයේ පිට පළාත් ක්‍රීඩකයන්ට රෑට ක්‍රිකට් ආයතනයේ බැඩිමින්ටන් කෝට් එක යට ‘ඉතියෝපියන් ක්‍රමයට’ නිදා ගෙන උදේට ‘ඕස්fටි්‍රලියන් ක්‍රමයට’ පාරේ දුවමින් පුහුණුව ලැබීමට සිදුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පෙන්වා දෙයි.


ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මහතාට එරෙහිව ක්‍රිඩා ඇමතිවරයා ක්‍රියා කළ ආකාරයට මුල් වූ හේතු රැසක් රට හමුවේ තබමින් අද(30) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා මෙසේ ද පැවසීය.

“අද රටේ ක්‍රීඩා ක්‍ෂේත්‍රයම දැවැන්ත බිඳවැටීමක තිබෙන්නේ. ලෝකය, අපේ රට හඳුනාගත්තු ක්‍රීඩාව වූ ක්‍රිකට් ක්‍රීඩාවත් අද ගොඩගත නොහැකි තැනකට ඇදලා දමලා තිබෙනවා. එසේ තිබියදී තමයි, ‘ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳ ප්‍රවෘත්ති දින ගණනාවක් තිස්සේ ප්‍රචාරය වන්නේ.

අත් වූ එක් දින තරගාවලි පරාජය, දරා ගත නොහැකිව ක්‍රීඩාව භාර ඇමතිවරයා තමන්ගේ ආවේගය ක්‍රීඩකයන් වෙත මුදා හරින විට කෂේරුකාවක් ඇති ක්‍රිඩකයකු ඊට දැක්වූ ප්‍රතිචාරයත් සමඟයි මේ ප්‍රවෘත්ති මැවෙන්න පටන් ගන්නේ. ඒ තරගාවලිය පරාජයෙන් පසුව ඉන්දියාවේ ක්‍රීඩා ඇමතිවරයා ඉන්දීය ක්‍රිකට් පිල සම්බන්ධයෙන් මෙවැනි දෝෂාරෝපණයක් කළා නම් ඒ රටේ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩකයන්ගේ ගෙවල් එකක්වත් ඉතිරි නොකර ගිනිබත් කරාවි. ඇමතිවරයාගේ මේ ප්‍රකාශය තුළින් පෙනෙන්නේ ඔහුට විනයක් නොමැතිකමයි. විනය පරීක්‍ෂණ තියන්න ඕනෙ මාලිංගට ද? නැතිනම් ක්‍රීඩා ඇමතිවරයාට ද කියලා අපි දැන් බලමු.

‘දයාසිරිට විනය පරීක්‍ෂණයක්’

මේ ක්‍රීඩා ඇමතිවරයා යටතේ අපේ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර එක් දින ශ්‍රේණිගත කිරීම්වල 08 වැනි ස්ථානයේ ඉන්නේ. තව එක් තරඟයක් සැප්තැම්බර් 30ට පෙර පරාජය වුණොත් ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී වීමට තේරිම් තරගාවලියට තරඟ කරන්න වෙනවා. ලංකාවේ ක්‍රිකට්වල හදවත තිබෙන්නේ පාසල් ක්‍රිකට්වලයි. නමුත් ඉදිරි තරගාවලි සඳහා සහභාගී වීමට අවස්ථා අහිමිව පාසල් වියෙන් පසුව 80%ක්ම ක්‍රිකට් දිවියට සමු දෙනවා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතුරින් අද ශ්‍රී ලංකාව තමයි පහළම පහසුකම් සහිත රට බවට පත්වී තිබෙන්නේ. පළමු පෙළ තරඟවලට අඩුම ගෙවීම කරන්නේ ශ්‍රී ලංකාවයි. තරඟයකට ගෙවන්නේ රුපියල් 7,500යි. සපත්තු කුට්ටමක් ගන්නත් රුපියල් තරඟ 5කටවත් ගහන්න ඕනෙ. සපත්තු කුට්ටමක් රුපියල් 28,000යි, නවතම පුහුණු ක්‍රමවේද අනුව ක්‍රීඩකයන්ට ‘අයිස් බාත්’ එකක් ගන්න ඕනෙ. ඒකට තැනක් නැහැ. ඒ වගේම පිහිනුම් තටාකයක් නැහැ. ශ්‍රී ලංකාවේ කිසිම ක්‍රීඩාංගණයක ගෘහස්ථ ක්‍රීඩාගාරයක් නැහැ. පිට පළාත්වල ක්‍රීඩකයන් කොළඹ ආවාම නවතින්න ඕනෙ. ඒකට අවශ්‍ය නේවාසික පහසුකම් නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබෙනවා බැඩිමින්ටන් කෝට් එකක්. එතැන පළමු පෙළ ක්‍රීකට් ගහන, ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් 06 දෙනෙක් රෑට නිදා ගන්නවා. ඔන්න අද මේ රටේ ක්‍රීඩා ඇමතිවරයා යටතේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති දුප්පත් තැන.

‘පුහුණුව ඕස්ටි්‍රලියන් – නිදා ගැනීම ඉතියෝපියන්’

ඒත් මේ විනයක් නැති ක්‍රීඩා ඇමතිවරයා තරඟ පරාජයකට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කියන්නේ ‘බඩ අඩු කරගන්න – ඕස්ටි්‍රලියන් ක්‍රමයට දුවමු’ කියලයි. රෑට දෙන නූඞ්ල්ස් ටික කාලා, බැඞ්මින්ටන් කෝට් එකේ ඉතියෝපියන් ක්‍රමයට නිදා ගෙන, උදේට ඕස්ටි්‍රලියන් ක්‍රමයට පාරේ දුවන්න අපේ ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන්ට සිදුව තිබෙනවා. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කරනවා කියුවාට අද තමන්ගේ වාහනයක ඇවිත් ක්‍රිකට් ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ක්‍රිඩකයන් කිහිප දෙනාට පමණයි. තව ටික දවසක් මෙහෙම ගියොත් පළමු පෙළ සංචිතවල ක්‍රීඩකයන්ට පුහුණුවීම්වලට එන්න වෙන්නේ බස් එකේ. එවැනි තත්වයට ක්‍රිකට් ක්‍රීඩාව ඇදලා දාපු මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට කිසිදු සැලැස්මක් නොහදපු, මේ රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් කිසිදු දැක්මක් නැති, දේශපාලනයේදීත් විනය විරෝධීව පැත්ත මාරු කරපු ඇමතිවරයකු තමයි අද ලසිත් මාලිංගට එරෙහිව ක්‍රිකට් ආයතනය ලවා විනය පරීක්‍ෂණ, තරඟ තහනම් පනවන්න යන්නේ.

අතීතයේ මෙන් අද ශ්‍රී ලංකා ක්‍රීකට් පිල තුළ එකමුතුවක් නැහැ. ඒ එකමුතුව හදන්න ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාට පුළුවන් වෙන්න ඕනෙ. අද ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සිටින ශක්තිමත් කෂේරුකාවක් තිබෙන ක්‍රීඩකයාට ඇමතිවරයා දැන් පහර දෙමින් ඉන්නවා. පුහුණුවීම් පිළිබඳව තැන නොතැන බලලා ඇමතිවරයා ළදරුවකු සේ කරපු ප්‍රකාශයටයි, මාලිංග පිළිතුරු දුන්නේ. මාලිංගගේ අදහස අනෙකුත් ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයන්ගේ ද මතය වුවත් ඔවුන් එය ඍජුව පැවසුවේ නැහැ.

අපි ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා ඇතුළු ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටිනවා ‘අද අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති තැනින් ඉහළට ගන්න ඔබට කළ හැකි සියල්ල කරන්න. මාලිංග වැනි ජාතික සම්පතක්, හොඳ සහෝදරයෙක් රැකගන්න පෙරට එන්න. ඔබ සියලු දෙනා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එක මිටකට එකතු වෙන්න’ කියා. එවිට මේ ඇමතිවරයාට හෝ ක්‍රිකට් ආයතනයට මෙවැනි බරපතළ අඩුපාඩුකම් ක්‍රිකට් ක්‍රීඩාවට කරන්න ඉඩක් ලැබෙන එකක් නැහැ.”

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුහුණුව ඕස්ටේ‍්‍රලියන්.. නිදා ගැනීම ඉතියෝපියන්..
පුහුණුව ඕස්ටේ‍්‍රලියන්.. නිදා ගැනීම ඉතියෝපියන්..
http://ift.tt/2u8Kg1U
https://i.ytimg.com/vi/eZGE5la35aE/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_55.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_55.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy