දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මීගමුව බන්ධනාගාරයේ සැප ඇඳක් 25,000යි - සුඛෝපභෝගී සිරමැදිරියක් ලක්‍ෂයයි
Homeප්‍රවෘත්ති

මීගමුව බන්ධනාගාරයේ සැප ඇඳක් 25,000යි - සුඛෝපභෝගී සිරමැදිරියක් ලක්‍ෂයයි

PropellerAds

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතාව මීගමුව බන්ධනාගාරය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැක...

අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය ප්‍රසිද්ධ කරයි
"අපේ අරමුණ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීම නෙවෙයි" - මහාචාර්ය සරත් විජේසූරිය
කථානායක ධූරයෙන් ඉවත් විය යුතු බවට යාපනය පුරා පෝස්ටර් ඇලවෙයි
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතාව මීගමුව බන්ධනාගාරය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවකු ලෙස නම්කර ඉදිරි නීතිමය පියවර ගන්නා ලෙසට විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (18) මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියට පෙන්වා දුන්නේය.


එම සැකකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හා අල්ලස් පනත යටතේ වත්කම් හා දේපළ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

අනුරුද්ධ සම්පායෝ මීගමුව බන්ධනාගාරයේ සේවය කළ සමයේ ඔහුගේ මෙහෙයවීම යටතේ රැඳවියන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත් පහසුකම් සහිත නිදන ඇඳක් ලබාදීමට එක් රැඳවියකුගෙන් මසකට රුපියල් 25,000ද සුඛෝපභෝගී පහසුකම් සහිත සිරමැදිරියක රඳවා තැබීමට එක් රැඳවියකුගෙන් මසකට රුපියල් පනස්දහස, ලක්‍ෂය හා ඊට වඩා වැඩි මුදලක් පවා අයකර ඇති බවට මෙන්ම දුරකථන ඇමතුම් දෙක තුනක් ලබා ගැනීමට අවස්ථාව ලබාදුන් විට රුපියල් 500, 1000 බැගින් අයකර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයිද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පවසා ඇත.

මිනී මැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා සිටි පි‍්‍රයන්ත අජිත් කුමාර නමැත්තා ලබාදුන් ප‍්‍රකාශ අනුව එකී කරුණු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

පසුගිය පෙබරවාරි 13 වැනිදා බුද්ධි අංශ විසින් එම බන්ධනාගාරයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් හා ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත් නමුත් ඒ සම්බන්ධයෙන් මීගමුව පොලිසිය විසින් විධිමත් ආකාරයෙන් මෙතෙක් විමර්ශනයක් සිදුකර නොමැති බවද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම සැකකරුගේ පාසල් මිත‍්‍රයකු වන මීගමුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාගෙන් සාධාරණ පරීක්‍ෂණයක් අපේක්‍ෂා කළ නොහැකි බවද සඳහන් කරමින් අධිකරණයට කරුණු දැක්වීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීගමුව බන්ධනාගාරයේ සැප ඇඳක් 25,000යි - සුඛෝපභෝගී සිරමැදිරියක් ලක්‍ෂයයි
මීගමුව බන්ධනාගාරයේ සැප ඇඳක් 25,000යි - සුඛෝපභෝගී සිරමැදිරියක් ලක්‍ෂයයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZ5brTbUZkF6f_aE_DSOeygY9ak22vQ5CW8S51hWG45lF93pg5ykoqM8L_kO2w9WMLjMLc3xILxYWm3iku1PXBuwzEFMskiP2XY_OiRbCdjWf8Ss_zcpvO1y41muygUy-GttfUQV45_us/s320/f091aaf6c1a238cfee76a0c5db4c4402_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZ5brTbUZkF6f_aE_DSOeygY9ak22vQ5CW8S51hWG45lF93pg5ykoqM8L_kO2w9WMLjMLc3xILxYWm3iku1PXBuwzEFMskiP2XY_OiRbCdjWf8Ss_zcpvO1y41muygUy-GttfUQV45_us/s72-c/f091aaf6c1a238cfee76a0c5db4c4402_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/25000_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/25000_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy