මෙම නොසන්සුන්තාව හට ගැනුණේ ඛනිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනයට අදාළව අද (28) පෙරවරුවේපවතී විවාදය...
ඛනිජ තෙල් සේවක වර්ජනය හේතුවෙන් තෙල් බෙදා හැරීම අඩාල වීමත් සමඟ ජූලි (25) මධ්‍යම රාත්‍රියේ සිට එය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ජනාධිපතිවරයාගේ නියමයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණි. මේ අනුව ඛනිජ තෙල් සංස්ථාවට අයත් සියලුම සේවකයින්ට වහාම සේවයට වාර්තා කළ යුතු බවට රජය දැනුම් දුන් අතර අතර එසේ සේවයට වාර්තා නොකරන සියලු සේවකයින් රැකියාව අත්හැර ගියා සේ සලකන බවද නිවේදනය කළේය.
එමෙන්ම අද දින හම්බන්තොට වරායේ කටයුතු චීන සමාගමට පැවරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමි වූ ගිවිසුමද පලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මේ සම්බන්ධයෙන්ද වන විවාදයෙන් පසු ගිවිසුමට අත්සන් තැබීම බොහෝ දුරට හෙට දින සිදු විය හැකි බවට ආණ්ඩුව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාව නිසා එම ගිවිසුම පිළිබඳ විවාදයද කල් තැබිණි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS