දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තනි ආණ්ඩුවකට දෙපැත්තෙන්ම මෙහෙයුම්.
Homeප්‍රවෘත්ති

තනි ආණ්ඩුවකට දෙපැත්තෙන්ම මෙහෙයුම්.

PropellerAds

ලබන ජනවාරි මාසය වන විට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.මේ සඳහා එක්...

ලංගම ඩිපෝ වසා දැමීම සියඹලාණ්ඩුව ඩිපෝවෙන් අරඹයි
අගමැති 'හොබිටන්' සිනමා ගම්මානයට (PHOTOS)
විහාර දේවාලගම් සංශෝධන පනත සංඝයා භේදකිරීමට අටවන කෙමනක්

ලබන ජනවාරි මාසය වන විට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨ ඇමැති පිරිසක් මැදිහත්ව ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ. මේ සාකච්ඡා ආරම්භ වී තිබෙන්නේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප ඇමැති, නියෝජ්‍ය ඇමැතිවරුන් කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගන්නා බවට ප්‍රසිද්ධියේ කෙරෙන ප්‍රකාශත් සමඟය.

පාර්ලිමේන්තුවේ දැනට පවතින මන්ත්‍රිවරුන්ගේ සංයුතියට අනුව එජාප ආණ්ඩුවක් පිහිටුවීමට වැඩි හැකියාවක් තිබුණද එජාපයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්ව සිටින මන්ත්‍රි කණ්ඩායම යළි පක්ෂයට එක් කරගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ප්‍රධාන අරමුණ වී අති බව පැවැසේ.

පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රිවරු 106 දෙනකුද එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රිවරු 95 දෙනකුද, දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රිවරු 16 දෙනකුද, ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රිවරු 6 දෙනකු හා ඊපීඩීපී සංවිධානයට එක් මන්ත්‍රිවරයකුද වශයෙන් මන්ත්‍රිවරු 224 දෙනකු නියෝජනය කෙරේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගෙන් 51ක් සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේය.
කතානායකවරයා සමඟ මන්ත්‍රි සංඛ්‍යාව 225 සපිරේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු 16 දෙනාගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට දැනටමත් ලබා දෙන බැවින් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට එජාපයට හැකියාවක් පවතින බව එජාපයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරු පෙන්වා දෙති.

එජාපයෙන් සන්ධානයට එක්ව සිටින මන්ත්‍රිවරු සමඟ සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බවත් ඇතැම් මන්ත්‍රිවරු යළි එජාපයට එක්වීම තරයේම ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.
මන්ත්‍රිවරු පිරිසක්, යළි පක්ෂයට එක්වීම සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතුව ඇතැයි පවසා ඇති බවත් තවත් පිරිසක් ඉදිරියේදී තීරණය දැනුම් දෙන බවටත් පවසා ඇතැයි දැනගන්නට ඇත.

රජය කෙරෙහි ජනතාවගේ බරපතළ අප්‍රසාදයක් හටගෙන ඇති බැවින් එජාප රජයක් පිහිටුවීමේදී ජනතා ප්‍රසාදය ගොඩනංවා ගැනීමට ක්‍රියා කිරීම වඩා වැදගත්වන බැවින් ඒ සඳහා පුළුල් සංවාදයක් ඇතිකර වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව යෝජනා වී ඇති බවද පැවැසේ.

මේ අතර ශ්‍රී ලනිපයද තනි ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර ඒ සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි සඳහන් කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තනි ආණ්ඩුවකට දෙපැත්තෙන්ම මෙහෙයුම්.
තනි ආණ්ඩුවකට දෙපැත්තෙන්ම මෙහෙයුම්.
http://ift.tt/2uRvWi1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_535.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_535.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy