දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංගම ඩිපෝ වසා දැමීම සියඹලාණ්ඩුව ඩිපෝවෙන් අරඹයි
Homeප්‍රවෘත්ති

ලංගම ඩිපෝ වසා දැමීම සියඹලාණ්ඩුව ඩිපෝවෙන් අරඹයි

PropellerAds

ශී‍්‍ර ලංගම සියඹලාණ්ඩුව ඩිපෝව වසා දැමීමේ කුමන්ත‍්‍රණයක් මේ මොහොතේ කි‍්‍රයාත්මක වෙමින් පවතින බව සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය පවසයි. එම ...

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක්
නියඟයට මුහුණදීමට කාර්ය සාධක බලකායක්
ගායන ශිල්පී දීපාල් ද සිල්වා ‍අභාවප්‍රාප්ත වෙයි
ලංගම ඩිපෝ වසා දැමීම සියඹලාණ්ඩුව ඩිපෝවෙන් අරඹයි

ශී‍්‍ර ලංගම සියඹලාණ්ඩුව ඩිපෝව වසා දැමීමේ කුමන්ත‍්‍රණයක් මේ මොහොතේ කි‍්‍රයාත්මක වෙමින් පවතින බව සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියක සඳහන් වන්නේ ශී‍්‍ර ලංගමය දුර්වල කර විනාශ කිරීමේ කි‍්‍රයාවලියට අනුගතව මෙම ඩිපෝව වසාදමා එහි සේවකයන් මොණරාගල ඩිපෝවට අනුයුක්ත කිරීමට බලධාරීන් සැලසුම් සාදා ඇති බවයි. 

නමුත් මුදල් අමාත්‍යංශයේ අවශ්‍යතාවය මත ශී‍්‍ර ලංගමය දුර්වල කර විනාශ කිරීමේ ප‍්‍රථිව්‍යුහගත කිරීමේ සැලැස්මට යටවී බලධාරීන් විසින් ඉහළම සේවාවක් සපයන, ඉහළම ආදායමක් ලබන මෙම ඩිපෝව වසා දැමීමේ ජාතික අපරාධය සිදු කිරීමට සැදී පැහැදී සිටින බව එම ලිපියේ දැක්වේ.

එම ලිපිය පහතින්,

ගරු ජනාධිපති,

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 01.

ගරු ජනාධිපතිතුමණි,

ශී‍්‍ර ලංගම සියඹලාණ්ඩුව ඩිපෝව වසා දැමීමේ ජාතික අපරාධය වැලැක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම - CTB - 2016.10.02

ශී‍්‍ර ලංගම සියඹලාණ්ඩුව ඩිපෝව වසා දැමීමේ කුමන්ත‍්‍රණයක් මේ මොහොතේ කි‍්‍රයාත්මක වෙමින් පවතී. ශී‍්‍ර ලංගමය දුර්වල කර විනාශ කිරීමේ කි‍්‍රයාවලියට අනුගතව මෙම ඩිපෝව වසාදමා එහි සේවකයන් මොණරාගල ඩිපෝවට අනුයුක්ත කිරීමට බලධාරීන් සැලසුම් සාදා ඇත. මෙම ඩිපෝව වසා දැමීමෙන් ප‍්‍රදේශ වාසීන්ට ඉමහත් පීඩාවන්ට, ඉමහත් අසීරුතාවයන්ට මුහුණ දීමට අනිවර්යයයෙන්ම සිදුවේ.

ශී‍්‍ර ලංගම සියඹලාණ්ඩුව ඩිපෝවේ සේවකයින් 40 ක් පමණ සේවය කරන අතර බස් රථ 12 ක් දිනපතා ධාවනය වේ. එම ඩිපෝවට ලබාදී ඇති ආදායම් ඉලක්කය කිලෝ මීටරයකට රුපියල් 40/= ක් පමණ වුවත්, එම ඉලක්කය අභිබවා මේ මොහොත වන විට කිලෝමීටරයකට රුපියල් 73 ක ආදායමක් උපයා ගනී. ඒ අනුව දිනකට එම ඩිපෝවේ ආදායම රුපියල් 237000/= කට අධික වේ. බලධාරීන් සිදු කළ යුත්තේ මෙම ඩිපෝවට තව තවත් සේවකයින් සහ නව බස්රථ ලබාදී ඩිපෝව ශක්තිමත් කිරීමයි. නමුත් මුදල් අමාත්‍යංශයේ අවශ්‍යතාවය මත ශී‍්‍ර ලංගමය දුර්වල කර විනාශ කිරීමේ ප‍්‍රථිව්‍යුහගත කිරීමේ සැලැස්මට යටවී බලධාරීන් විසින් ඉහළම සේවාවක් සපයන, ඉහළම ආදායමක් ලබන මෙම ඩිපෝව වසා දැමීමේ ජාතික අපරාධය සිදු කිරීමට සැදී පැහැදී සිටී. 

ශී‍්‍ර ලංගම මොණරාගල ඩිපෝවේ සේවකයන් 300 ක් පමණ සේවය කරන අතර එම ඩිපෝව කිලෝ මීටරයක ආදායම රුපියල් 40/= අඩු මුදලකි. මෙම සේවකයින් 300 අතරින් කිසිදු කාර්යයක් නැති අතිරික්ත සේවකයින් 50 ක් පමණ සිටින බව අප සංගමයට තොරතුරු ලැබී ඇත. දිනකට බස්රථ 36 කට ආසන්න ප‍්‍රමාණයක් ධාවනය කරන අතර මොණරාගල ඩිපෝවේ දිනක ආදායම ලක්ෂ 04 කට ආසන්න වේ. ඉහත තොරතුරු අනුව බලධාරීන් කළ යුත්තේ සියඹලාණ්ඩුව ඩිපෝවට වැඩි වැඩියෙන් සම්පත් ලබාදී එම ඩිපෝව දියුණු කරනවා මිස එම වසා දැමීමේ ජාතික අපරාධය නොවේ.

ගරු ජනාධිපතිතුමනි, ශ‍්‍රී ලංගම ශක්තිමත් වීමට නම් ශ‍්‍රී ලංගම සේවක ප‍්‍රමානය, ඩිපෝ ප‍්‍රමානය, ආයතන ප‍්‍රමානය වැඩිවිය යුතුය. ඒ අනුව ජනතාවට ඉහළම සේවාවක් සපයන, ඉහළම ආදායමක් උපයන ශී‍්‍ර ලංගම සියඹලාණ්ඩුව ඩිපෝව වසා දැමීමේ ජාතික අපරාධය වැලක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙසත්, ශී‍්‍ර ලංගමය දුර්වල කර විනාශ කිරීමේ ප‍්‍රතිව්‍යුහගත  කිරීමේ කි‍්‍රයාවලිය නතර කිරීමට මැදිහත් වන ලෙසත්, ශී‍්‍ර ලංගම සියඹලාණ්ඩුව ඩිපෝව ශක්තිමත් කිරීමට නව බස්රථ හා සේවකයින් ලබා දීමට මැදිහත් වන ලෙසත් අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

 

ස්තුතියි,

මෙයට විශ්වාශී,

සේපාල ලියනගේ

ප‍්‍රධාන ලේකම්

සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංගම ඩිපෝ වසා දැමීම සියඹලාණ්ඩුව ඩිපෝවෙන් අරඹයි
ලංගම ඩිපෝ වසා දැමීම සියඹලාණ්ඩුව ඩිපෝවෙන් අරඹයි
http://ift.tt/2dTDTe2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_37.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_37.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy