දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සාරංග, විශ්ව පරාජය කළේ මම නෙවෙයි
Homeප්‍රවෘත්ති

සාරංග, විශ්ව පරාජය කළේ මම නෙවෙයි

PropellerAds

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නළු සම්මානය ලැබුණේ රුවන්ට. ඒ සම්මානනීය ඇගයීම ගැන මොන වගේ හැඟීමකින්ද ඉන්නේ? ඇත්තටම ඒ හැඟීම හිතාගන්න...

කොළඹ රාජකීයේ පළමු වසර සිසුන් ලියාපදිංචිය නවතයි  
ජනපති අද ඌව වෙල්ලස්ස විරුවන් සමරයි
'ජනපතිට කියන්න' වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්
මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නළු සම්මානය ලැබුණේ රුවන්ට. ඒ සම්මානනීය ඇගයීම ගැන මොන වගේ හැඟීමකින්ද ඉන්නේ?

ඇත්තටම ඒ හැඟීම හිතාගන්න බැරි සතුටක්. මොකද මං හිතුවේ නෑ මේ සම්මානය ලැබෙයි කියලා. ලංකාවේ ජනප්‍රියත්වයෙන් තිබුණු ටෙලි නාට්‍යයක් තමයි දෙවැනි ඉනිම කියන්නේ. ඒකේ නළුවො ඉද්දී මටයි මේ සම්මානය ලැබුණේ.

ඉතිහාසයේ කවදාවත් නොලැබුණු විදියට මට ලක්ෂ විසිපහකට වඩා ඉර්ඉ මනාප ලැබිලා තිබුණා. මට ආදරය කරන මගේ රසික රසිකාවියන්ට මං හිස නවලා ඒ වෙනුවෙන් ගෞරව කරනවා.

• නැඟී එන නළු සම්මානය දිනාගෙන හිටපු රුවන්ට මෙවර රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා වීමේ බලාපොරොත්තුවක් තිබුණද?

මට 2016 සුමති සම්මාන උළෙලේදී නැඟී එන හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. හැබැයි මට 2016 අවුරුද්දේම ජනප්‍රියම නළුවා වෙන්න ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණේ නෑ. මාව මෙතැනින් තිබ්බේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ. ඒ අයගේ හිතේ තමයි මේ වෙනස තිබිලා තියෙන්නේ.

• රුවන් ඇත්තටම ජනප්‍රියයි කියලා හිතනවද?

ජනප්‍රිය කියලා කියන්නේ ජනයාට ප්‍රියයි කියන එකට. ඉතින් මට මෙච්චර මනාප ප්‍රමාණයක් ලැබුණු එකෙන්ම ඔප්පු වෙනවනේ ඒක. ආයෙ මට හිතන්නවත්, කියන්නවත් දෙයක් ඉතිරි නෑ. ඒ ජනප්‍රියත්වය ගැන.

• ජනප්‍රිය සම්මානය ගන්න විවිධ ක්‍රම තියෙනවානෙ. ජනප්‍රියත්වය ලබා ගන්න රුවන්, ඉර්ඉවලට කීයක් විතර වියදම් කළාද?

ඕන නම් මං මට ඉර්ඉ දෙසීයක් තුන්සීයක් දාගන්න ඇති. ඒකත් වැඩක් කරද්දී ෂූටින් වෙලාවේදී එහෙන් මෙහෙන් දාගත්තේ. ඉර්ඉ ගහන්නමයි කියලා මං වෙන දෙයක් කළේ නෑ. මොකද මට එහෙම ජනප්‍රියත්වයක් ගන්න වුවමනාවක්වත්, වත්කමක්වත් නෑ. අමුතුවෙන් ජනප්‍රිය වෙන්න මට අවශ්‍ය වුණේ නෑ. මොකද කවුරුත් දන්නවා මං කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ හොඳින් වැඩ කරපු කෙනෙක් කියලා.

• ඉර්ඉ ලබා ගැනීමේ අරමුණෙන් ෆේස්බුක් කැම්පේන් එකක් කරන්නත් ඇති?

මගේ ෆේස්බුක් පිටුවේ මිතුරො 5000ක් ඉන්නවා. ඒ වගේම ඊට අමතරව මට කැමැති පිරිසකුත් ඉන්නවා. මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ අය හරහා නොදැනුවත්ව රට වටේම ඒ විදියේ කැම්පේන් එකක් සිද්ධ වෙන්නැති. මං මෙතැනදී විශේෂයෙන් කියන්න ඕන කාරණාවක් තියෙනවා.

මගේ ගම රත්නපුරේ. ඉතින් පසුගිය දවස්වලදී රත්නපුරට සහ ඒ අවට ජනතාවට ලොකු විපතක් වුණා. එහෙම තියෙද්දී ඒ අයට මං වෙනුවෙන් මනාප ලබාදෙන්න බැරි වෙන්න ඇති. ඒ විදියේ කරදරයක් මගේ ආදරණීය රත්නපුරේ ජනතාවට නොවුණා නම් මට මේ ලැබුණු මනාපවලට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න තිබුණා.

• සාරංග, විශ්ව වගේ අය පරද්දවලා ජනප්‍රියම නළුවා වෙන්න ලැබිච්ච එක ගැන මොකද හිතන්නේ?

සාරංග, විශ්ව කියන්නේ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න ජනප්‍රිය අය. ජනප්‍රිය නළු සම්මානයට නිර්දේශ වුණු හැමෝම මගේ සහෘද මිතුරෝ. මේ අයව පරාද කළේ මම නෙවෙයි. මේ තීරණය ජනතාවගේ තීරණයක්. ඒ අය මම කැමැත්ත පළ කරලා තියෙනවා. තව දෙයක් මට කියන්න ඕන.

ගිය අවුරුද්දේ මං නැඟී එන හොඳම නළුවා වුණා. ඒ සම්මානයත් ජනප්‍රියම නළුවාට හිමි වුණු සම්මානයත් ගත්තේ එකම එක ටෙලි නාට්‍යයක විතරක් රඟපාලා නෙවෙයි. අවුරුදු 10ක් පුරා මං මගේ ගමන ආවා. ඒ ගමන අතරවාරයේදී මට හැදිලා තියන තැන තමයි මේ.

• මෙවර ජනප්‍රියම නිළිය වුණේ නයනතාරා. ඇය රංගනයේ යෙදිලා තියෙන්නේ ටෙලි නාට්‍ය හතරක. ඒත් ඇයව රසිකයෝ හඳුනාගත්තේ "දෙවැනි ඉනිම" හරහා. ඔබ හිතන්නේ ජනප්‍රිය වෙන්න කාලයක් ක්ෂේත්‍රයේ ඉන්න ඕන කියලද?

මං දන්නෑ ඇය ජනප්‍රිය වුණේ කොහොමද කියලා. කෙනෙක් ක්ෂේත්‍රයට ඇවිත් වැඩ කරන කාල සීමාව එක්ක වගේම කරන වැඩත් එක්ක ඒ කෙනාගේ ජනප්‍රියත්වය හැදෙනවා. ඇය කොහොම ජනප්‍රිය වුණාද කියන එකවත් ඇගේ ගමන ගැනවත් මං දන්නේ නෑ. කොහොම වුණත් නළුවන්ට වඩා නිළියන්ට ජනප්‍රිය වෙන්න ඉඩකඩ තියෙනවා. ඒකෙ ආයේ තර්කයක් නෑ.

• සම්මානනීය වීමත් එක්ක ක්ෂේත්‍රය තුළ යම් වටිනාකමක් ගොඩනැඟෙනවා කියලා රුවන් හිතනවාද?

පැහැදිලිවම ඔව්. ගිය අවුරුද්දේ සම්මාන හිමිවුණු නිසා මට වටිනාකමක් හැදුණා. ඒ නිසා මං හිතනවා ඒ කතාව හරියි කියලා. කොහොම වුණත් නළුවකුට හෝ නිළියකට සුවිශේෂී දෙයක්නේ සම්මානයකට පාත්‍ර වෙනවා කියන එක.

• ඔබේ ගමනට සහාය දුන් අය ගැනත් කියමු?

මං මෙතනට ආවේ මගේ ගුරුතුමා, ජැක්සන් ඇන්තනි මහත්තයා හින්දා. මේ සම්මානය මට ලැබෙන්න ගොඩක් උදවු වුණේ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ "හාර කෝටිය" ටෙලි නාට්‍යය. ජයප්‍රකාශ් මහත්මයාගේ උපදෙස් අනුව තමයි "ඩිංකි" කියන චරිතය බිහි කරන්නේ.

ශ්‍රද්ධා මංගල සූරිය බණ්ඩාර, චාමර සමරවික්‍රම ඇතුළු හාරකෝටියේ ටීම් එකම මං මතක් කරනවා. ඒ වගේම තමයි ටිකිරි රත්නායක අධ්‍යක්ෂක ඇතුළු "මුතුකුඩ"හි සියලු දෙනාත් මතක් කරනවා. ලංකාවේ වගේම විදේශ රටවල ජනතාවටත්, විදේශගතව ඉන්න මගේ අක්කවත් අම්මාවත්, තාත්තාවත් ගෙදර හැමෝමවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.

• මොනවාද අලුත් වැඩ?

අලුත් චිත්‍රපට දෙකක වැඩ භාර ගත්තා. ඒවා ජැක්සන් ඇන්තනීගේ සහ ඉනෝකා සත්‍යාංගනීගේ චිත්‍රපට දෙකක්. ඒ වගේම ටෙලි නාට්‍ය දෙකකටත් සම්බන්ධ වෙන්න තියෙනවා.

• හැමෝම ගැන කියපු එකේ පෙම්වතිය ගැනත් කියමු?

පෙම්වතියකට තාමත් ඍචජචදජර තියෙනවා. ඔන්න කාට හරි මේක හොඳ අවස්ථාවක්.

මව්බිම
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාරංග, විශ්ව පරාජය කළේ මම නෙවෙයි
සාරංග, විශ්ව පරාජය කළේ මම නෙවෙයි
http://ift.tt/2txcC6k
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_530.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_530.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy