දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ජනපතිට කියන්න' වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්
Homeප්‍රවෘත්ති

'ජනපතිට කියන්න' වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්

PropellerAds

"ජනපතිට කියන්න" වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවිශ්ට වී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද යෝජනා, දුක්ගැනවිලි, පෞද්ගලික...

පුද්ගලික රෝහලක් තාත්තාට පොසිටිව් නිසා ‘දුවත්’ කොරෝනා රෝහලට යවලා – පුද්ගලික රෝහල්වල වැඩ හිතුමතේ..බලධාරීන් මර නින්දේ !
පුද්ගලික රෝහලක් තාත්තාට පොසිටිව් නිසා ‘දුවත්’ කොරෝනා රෝහලට යවලා – පුද්ගලික රෝහල්වල වැඩ හිතුමතේ..බලධාරීන් මර නින්දේ !
මෙරටට හොරෙන් ඇතුළු වි කොරෝනා බෝ කරන්නන් ගැන තොරතුරු.. අල්ලන්න බුද්ධි අංශ කණ්ඩායම් 05ක් යොදවයි !
'ජනපතිට කියන්න' වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්

"ජනපතිට කියන්න" වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවිශ්ට වී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද යෝජනා, දුක්ගැනවිලි, පෞද්ගලික හඬ පට හා ලිපි ලේඛන ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 19 තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා ඊයේ (9) නියෝග කළේය.

ජනාධිපති සහකාර ලේකම් චමීර කන්නන්ගර මහතා ඉකුත් 7දා රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකපිට අත්අඩංගුවට ගත් අහංගම, කතලුව පදිංචි අනුරුද්ධ හර්ෂාන් අබේසූරිය නමැති සැකරුවකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තමා "ජනපතිට කියන්න" වෙබ් අඩවිය වෙත පිවිස ගවේශනය කිරීමේදී එම වෙබ් අඩවියට කිසිම අපහසුතාවකින් තොරව ඇතුළු වීමට හැකිවූ බවත් එම වෙබ් අඩවියේ ඇති අඩුපාඩු හා එය වෙත ලැබෙන මහජන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම දැනුවත් කිරීම සඳහා අදාළ ක්‍රියාව සිදු කළ බවත් පැවැසූ බවද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

සැකකරු භාරයේ තිබූ පරිගණක උපාංග, දත්ත තොගයක්ද රහස් පොලිසිය භාරයට ගෙන තිබිණි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී වසරක් සපිරීම නිමිත්තෙන් ජනතාවගේ ප්‍රශ්න කෙළින්ම ජනපතිට යොමු කිරීම සඳහා ‘ජනපති හද බිම - ජනපතිට කියන්න‘ වැඩසටහන ඇරැඹීය.

ඒ අනුව ඕනෑම දුරකතනයකින් 1919 අංකය අමතා අවශ්‍ය භාෂාව තෝරාගෙන අංක දෙක ඇතුළු කර ‘ජනපතිට කියන්න‘ සේවාව සමග සම්බන්ධ විය හැකි අතර තැපැල් පෙට්ටිය 123 කොළඹ ලිපිනයෙන් තැපැල් මාර්ගයෙන් ද, tell@presidentsoffice.lk විද්‍යුත් ලිපිනයෙන් ද,  tell.president.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ද, ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ ජනපතිට කියන්න ඇප්ලිකේෂන්ය මාර්ගයෙන් ද මෙම සේවාව හා සම්බන්ධ විය හැකි බව ජනපති ලේකම් කාර්යාලයය සඳහන් කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ජනපතිට කියන්න' වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්
'ජනපතිට කියන්න' වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්
http://ift.tt/2ib4jps
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_263.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_263.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy