දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති අද ඌව වෙල්ලස්ස විරුවන් සමරයි
Homeප්‍රවෘත්ති

ජනපති අද ඌව වෙල්ලස්ස විරුවන් සමරයි

PropellerAds

ලාංකීය නිදහස් සටනේ ආරම්භය ලෙස සැලකෙන 1818 ඌව වෙල්ලස්ස අරගලය හා ඊට නායකත්වය දුන් කැප්පෙටිපොල දිසාව ප්‍රමුඛ විරුවන් සැමරීමේ උත්සවය ජනාධිපති ...

මං ජනාධිපති වුණාම ජනාධිපති මන්දිර ජනසතු කරනවා.. හිටපු ජනාධිපතිලාට පිං පඩියක් ගෙවනවා - අනුර දිසානායක
වික්ටෝරියා වේල්ල පුපුරුවා හැරීමට ගත් ත‍්‍රස්තවාදී උත්සාහය වලකයි !
සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළු 12ක් රිමාන්ඩ්
ජනපති අද ඌව වෙල්ලස්ස විරුවන් සමරයි

ලාංකීය නිදහස් සටනේ ආරම්භය ලෙස සැලකෙන 1818 ඌව වෙල්ලස්ස අරගලය හා ඊට නායකත්වය දුන් කැප්පෙටිපොල දිසාව ප්‍රමුඛ විරුවන් සැමරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරු 5.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එය සංවිධානය කරනු ලබන අතර “උත්තමාභිවන්දනා” යන මැයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වේ.

කැප්පෙටිපොල මහ දිසාව ප්‍රමුඛ විරුවන් එවක අධිරාජ්‍යවාදීන් විසින් ඇතුළත් කර තිබුණු දේශද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර දේශප්‍රේමී වීරයන් බවට ඔසවා තැබීමට ජනාධිපතිවරයා විසින් පසුගියදා කටයුතු කරනු ලැබිණි. එම යුගමෙහවර හා සමගාමීව ප්‍රථම නිදහස් අරගලයේ ප්‍රත්‍යාවලෝකනයක් ලෙසින් මෙම උත්සවය සංවිධානය කෙරේ.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස මහතා විසින් පවත්වන අතර, ජාතික නිදහස් සටන් අපගේ භාෂාව තුළින් විද්‍යමාන වන ආකාරය පිළිබඳ දේශනයක් මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා විසින් පැවැත්වීමට නියමිතය.

එමෙන්ම, ඌව වෙල්ලස්ස නිදහස් අරගලය අළලා රජයේ චිත්‍රපට අංශය විසින් සකස් කරන ලද වාර්තා චිත්‍රපටයක් සහ එම අරගලය හා බැඳුනු ඓතිහාසික පසුබිම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත ශාස්ත්‍රීය ග්‍රන්ථයක්ද මෙහිදී එළිදැක්වීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා විසින් දේශප්‍රේමීන් බවට ඔසවා තබමින් පසුගියදා ගැසට් මගින් ‍නිවේදනය කරන ලද වීරවරයින්ගේ නම් ඇතුළත් ඵලකයක් අනාගත පරම්පරාවන්හි දැනගැනීම පිණිස ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය සහ නිදහස් චතුරස්‍ර කෞත්‍රකාගාරය යන ආයතන වල ස්ථාපනය කිරීම සඳහා එම ආයතන ප්‍රධානීන් වෙත පිරිනැමීම සහ මහනුවර ශ්‍රී දළදා මාළිගා කෞතුකාගාරය වෙනුවෙන් දියවඩන නිළමේවරයා වෙත පිරිනැමීමද මෙහිදී සිදු කෙරේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, විද්වතුන් ඇතුලු අදාළ පාර්ශව රැසක්  සහභාගිවීමට නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29319,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති අද ඌව වෙල්ලස්ස විරුවන් සමරයි
ජනපති අද ඌව වෙල්ලස්ස විරුවන් සමරයි
http://ift.tt/2i84ExL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_893.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_893.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy