දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ රාජකීයේ පළමු වසර සිසුන් ලියාපදිංචිය නවතයි  
Homeප්‍රවෘත්ති

කොළඹ රාජකීයේ පළමු වසර සිසුන් ලියාපදිංචිය නවතයි  

PropellerAds

කොළඹ රාජකීය විද්‍යාලයයේ පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීම තාවකාලිකව නවත්වා විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසය...

මහින්දට මැලේසියාවේදී විරෝධයක්
මෙරට තහවුරු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය මහලේකම්වරයාගේ පැසසුමට
දකුණු අප්‍රිකානු ජනපති හදිසියේ දිවයිනට
කොළඹ රාජකීයේ පළමු වසර සිසුන් ලියාපදිංචිය නවතයි  

කොළඹ රාජකීය විද්‍යාලයයේ පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීම තාවකාලිකව නවත්වා විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මෙම විද්‍යාලයයේ සහ තවත් පාසල් කිහිපයක ළමයින් ඇතුළත් කිරීම ගැන වහා විමර්ශනයක් අරඹන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය සතියේ අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී තිබිණි.

නව වසරේ පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ උත්සවය දිවයින පුරා පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට (11) දිනයේදී ය.

එම ආරංචි මාර්ග සඳහන් කරන පරිදි අමාත්‍යංශයෙන් උපදෙස් දී ඇත්තේ තාවකාලිකව ළමයින් ලියාපදිංචිය නැවැත්වීමට පමණි. හෙට නියමිත ළමයින් ඇතුළු කිරීමේ උත්සවය ගැන හෝ අනෙක් ක්‍රියාමාර්ග ගැන දැනුම් දී නොමැත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසූවේ කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයක ජනප්‍රිය පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී අක්‍රමිකතා සිදුවූ බවට ලංකා ගුරු සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයකින් ලැබුණු පැමිණිලි අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

එමෙන්ම දිවයින පුරා පිහිටි පාසල්වලට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගන්නා ආකාරය පිළිබදව විමර්ශනය කිරීමට කණ්ඩායම් කිහිපයක් ද යොදවා ඇතැයි වාර්තා වේ.

අහංගම විදුහල්පතිවරයෙකු අල්ලස් දැලේ

මේ අතර අහංගම ශාරිපුත‍්‍ර මහා විදුහලේ පළමු වැනි ශ්‍රේණියට දරුවෙකු ඇතුලුකර ගැනීම සඳහා එම දරුවාගේ පියාගෙන් රුපියල් විසි දහසක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් අහංගම ශාරිපුත‍්‍ර මහ විදුහල්පතිවරයා ඊයේ (09) අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දරුවා ශාරිපුත‍්‍ර විදුහලේ පළමු වැනි ශ්‍රේණියට ඇතුලුකර ගැනිම සඳහා දික්කඹුර ප‍්‍රදේශයේ වෙළඳ ආයතනයකට රුපියල් විසි දහසක් ලබාදී එම කුවිතාන්සිය ගෙනවිත් ඉදිරිපත් කරන ලෙස විදුහල්පතිවරයා දරුවාගේ පියාට දන්වා ඇත.

ඊට පසු දරුවාගේ පියා අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරිමෙන් පසුව එම නිලධාරින්ද සමග ගොස් දරුවාගේ පියා එම වෙළඳ ආයතනයේ රුපියල් විසි දහසක මුදල තැන්පත්කර ඇත. 

ඊට පසු අල්ලස් කොමිසමේ නිලධාරීන් එම රිසිටිපත රැගෙනවිත් දරුවාගේ පියා වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරියෙකු විසින් විදුහල්පතිවරයාට රුපියල් විසි දහසේ රිසිටි පත දෙන විටම සෙසු නිලධාරින් විසින් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර විදුහල්පතිවරයා ඊයේ සවස අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ රාජකීයේ පළමු වසර සිසුන් ලියාපදිංචිය නවතයි  
කොළඹ රාජකීයේ පළමු වසර සිසුන් ලියාපදිංචිය නවතයි  
http://ift.tt/2iX0Exd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_172.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_172.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy