සමුළුවට සමගාමීව ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිළධාරීන්ගේ රැස්වීමක් අද ආරම්භ වූ අතර එය හෙට දිනය පුරාවට ද පැවැත්වීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්...
සමුළුවට සමගාමීව ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිළධාරීන්ගේ රැස්වීමක් අද ආරම්භ වූ අතර එය හෙට දිනය පුරාවට ද පැවැත්වීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානය හෙවත් සාර්ක් (SAARC) සංවිධානය 1985 වසරේදී ආරම්භ කළ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, භූතානය, නේපාලය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් එම සංවිධානයේ සාමාජිකත්වය දරයි. එම කලාපය තුළ ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ වාසය කිරීම විශේෂත්වයකි.
කලාපීය වැදගත්කමකින් යුත් සෞඛ්‍ය ගැටළු මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතය. බෝ නොවන රෝග, පෝෂණය, සනීපාරක්ෂාව, වාහක රෝග, ක්ෂය රෝගය, එච්.අයි.වී. රෝගය අතුලු තවත් කරුණු ගණනාවක් ඊට ඇතුලත් වෙයි. සමුළුව අවසානයේදී සියලු රටවල එකඟතාවයෙන් කොළඹ ප්‍රකාශනය එලිදැක්වීමටද නියමිතය.
COMMENTS