දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලුත් ව්‍යවස්ථාවක් එපා: මහා නාහිමිවරු
Homeවිශේෂ පුවත්

අලුත් ව්‍යවස්ථාවක් එපා: මහා නාහිමිවරු

PropellerAds

අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන් ඒ බව සඳහන් කළේ අඟහරුවාදා අස්ගිරි මහා විහාරයීය මූලස්ථානයේ ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ...

සමාජයට වැඩ කිරීම සදහා සිව් වැදෑරුම් ප්‍රතිපත්තියක් - ආචාර්ය සුනිල් ගුණරත්න
ගල් අඟුරු ගණුදෙනුවේ ගේම් සහ ඩීල්
ව්‍යාපාර උපාධියකින් මානව සම්පත හසුරවන ගුවන්සේවා අධිකාරියේ අනාගතය...
අලුත් ව්‍යවස්ථාවක් එපා: මහා නාහිමිවරු

අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන් ඒ බව සඳහන් කළේ අඟහරුවාදා අස්ගිරි මහා විහාරයීය මූලස්ථානයේ ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ දී ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් රැස් වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි.

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් සහ අනුනාහිමිවරුන් ඇතුළු 75 ස් නමකට අධික මහා සංඝරත්නය මෙම අවස්ථාවට එක්වීමත් "සුවිශේෂී සිදුවීමක්" බවත් එහිමියෝ සඳහන් කළහ.

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන් නියෝජනය කරමින් මල්වතු පාර්ශවයේ අනුනාහිමිවරු සාකච්ඡාවට එක්ව සිටියහ.
"මෙහිදී ප්‍රධාන වශයෙන් අපේ අවධානයට ලක් වුනා, නැති ගැටළු ඇතිකරන අලුතින් ව්‍යවස්ථාවක් සකස් කිරීම කිසිසේත් සුදුසු නොවන බව. ඒ නිසා පවත්නා ව්‍යවස්ථාව ඒ අයුරින් පවත්වාගෙන යාමට ඉතාම උචිත බව ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඒකමතිකව තීරණය කළා," ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ පැවසූහ.

බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරුදහන් කිරීම්වලින් ආරක්ෂා කිරීමේ පනත ජාත්‍යන්තර මට්ටමේ අවශ්‍යතාවයක් පරිදි සිදු කරන "මේ රටේ අහිංසක සොල්දාදුවන් ඇතුළු යුදමය වාතාවරණය පැවති කාලයේ යම් යම් ක්‍රියාමාර්ගවලට දඬුවම් කිරීමට" සැරසෙන "පිළිගත නොහැකි" පනතක් බව ද මහා සංඝරත්නයේ ඒකමතිකව තීරණය වී තිබේ.
අදාළ පනතට ඒකාබද්ධ විපක්ෂය සිය විරෝධය පළකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ අතර කොළඹ දී සඳහන් කළේය.

පසුගිය මාර්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පනත "අතුරුදහන් වූවන්ගේ නම භාවිත කරමින් රණවිරුවන් යුධ අධිකරණයට ගෙනයාමේ වැඩපිළිවෙලක්," බව කොළඹ අභයාරාම විහාරස්ථානයේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව පසුගිය වසරේ අත්සන් තැබුවේය.

එය රට තුළ නීතියක් ලෙස බලාත්මක කර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට භාජනය වූ වින්දිතයන්ට යුක්තිය පසිඳලීමේ සහ වන්දි ලබගැනීමේ අයිතිවාසිකම සහතික කිරීම සිය බලාපොරොත්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ආණ්ඩුව සඳහන් කළේය.

පනත සම්මත වීමත් සමග ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම මානව වර්ගයාට එරෙහිව කෙරෙන සාපරාධී ක්‍රියාවක් ලෙසින් නීතිගත කෙරේ.

ශ්‍රී ලංකාවේ මෙතෙක් අතුරුදහන් වී සිටින සියලු දෙනාට මෙමගින් යුක්තිය ඉටු කළ හැකි බව රජය පැවසුවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ යුද්ධයට සම්බන්ධ වූ හමුදා සාමාජිකයන්ට දඬුවම් කිරීම පිණිස මෙම පනත යොදාගත හැකි බවය.
ජාතීන් සහ ආගම් අතර පවතින ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් පියවර ගැනීම පිණිස විශේෂ කමිටුවක් පත්කරන මෙන් රජයට යෝජනා කිරීමට ද මහනුවර පැවති සඟ සමුළුවේදී තීරණය කළ බවත් ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ සඳහන් කළහ.

එමෙන්ම සයිටම් ආයතනය සම්බන්ධ ගැටලුවට රජය ඉක්මනින් විසඳිය යුතු බව ද මහා සංඝරත්නයේ ස්ථාවරය වී තිබේ.
- BBC-

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුත් ව්‍යවස්ථාවක් එපා: මහා නාහිමිවරු
අලුත් ව්‍යවස්ථාවක් එපා: මහා නාහිමිවරු
http://ift.tt/2sKBDbT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy