ඉතිහාසගත අයුරින් ඇයට අධිකාරියේ මානව සම්පත මෙහෙයවීමට ලැබෙන්නේ ඉන්දියානු ව්‍යාපාර කළමනාකරණ උපාධියකටය. ඇයට මානව සම්පතක් හැසිරවීමේ හැකියාවක් ...
ඉතිහාසගත අයුරින් ඇයට අධිකාරියේ මානව සම්පත මෙහෙයවීමට ලැබෙන්නේ ඉන්දියානු ව්‍යාපාර කළමනාකරණ උපාධියකටය. ඇයට මානව සම්පතක් හැසිරවීමේ හැකියාවක් නැත. දන්නේ මානව සම්පත කෙටවීමට පමණකි. වර්තමානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධාන න්‍යායාචාරියා මැයයි. ඇය මිනිස්සු හිතේ හැටියට රස්සාවෙන් අස්කරන්නට උපදෙස් දෙයි, ලිපි ලියයි, පඩි රහිත නිවාඩු යවයි. හොරා පොලිස් ක්‍රීඩාවට විධායක නිලධාරීන් රියදුරන්ගේ නිවෙස්වලට යවයි, සියල්ල අවසානයේ පචවේ. මෙය චක්‍රයක් ලෙස කාලානුරූපීව සිදුවේ.
ඇය ලෝකය හිනස්සන මංගල කටයුත්ත අරඹන්නේ 2006 වසරේ අවසානයේදීය. ඒ පදිංචිය සඳහා ඕස්ට්‍රේලියාව ආසන්න ෆීජි දූපත්වලට යන බව කියා රැකියාවෙන් ඉවත්ව යන්නේ අධිකාරිය දාල යන්නබෑ කියා බිම වැටී අඬා වැලපෙමිනි. එවිට අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන්නේ කවදත් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රසේන නිමල්සිරිමය. ෆීජි ගිය කල්හි මැගේ සුදුසුකම්වලට රස්සාවක් තියා ඉන්න හිටින්නවත් හරි හැටි තැනක් හොයා ගන්න බැරිවූ මාගමමුදලිට තරු පේන්නේ තමන්ට කෙළවූ බව අවබෝධ වීමෙනි. ඇය වහාම චන්ද්‍රසේන නිමල්සිරිගේ උපදෙස් පතයි. කවදත් කාන්තාවන්ට අත හිත දෙන අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රසේන පවසන්නේ ‘ඔයා එන්න ගන්න හැටි මම පෙන්වන්නම්' කියමිනි.
රැකියාවකින් අස්වී නැවත මාස 03 කින් එම රැකියාවටම එන්නේ කර කියාගත හැකි දෙයක් නොමැති වූ කළ මිස වෙන හේතුවකට නොවේ. මාගමමුදලාලිද එවැනි අවලංගු කාසියකි. පුදුමෙට කරුණ නං අස්වී ගිය එකා මාස 03 කින් ආපසු ගන්න පිඹුරු පත් සකසන උන් අධිකාරියේ සිටීමය. මෙය රජයේ ආයතනයක්ද අම්බලමක්ද යන්න මෙයට සම්බන්ධ ඉහළ නිලධාරීන් සොයා බැලිය යුත්තේ එපා උනාම යන්නත් ඕන උනාම එන්නත් තිබෙන සැලූන් දොර ස්ත්‍රී පරාණවලට පමණක් විවර වීම නිසාය. පන්දම්වලට විනා සුදුසුකමකට කිසිදු රැකියාවකට යා නොහැකිව සිටින මාගම්මුදලි අනෙක් උන්ට වැදි බණ කියමින් 2004 සිට අධිකාරියේ මානව සම්පත් කාබාසිනියා කරමින් සිටී.
ඇය විටෙක ප්‍රභාත් කුලරත්නගේ සංදර්ශන වේදිකාවේ කිරුළු පළන් ගී කිරිල්ලියයි, විටෙක ගද්‍ය, පද්‍ය, රචනා අංශවලින් පළමුවැනි තැන ගනී, නර්තන අංශයෙන්ද අග තැන්පත්ය. හැබැයි අහේතුවකට තමන්ගේ රාජකාරී හැකියාව අළුයම ලූ කෙළ පිඬක් බඳුය. නොහැකියාව වසා ගන්නට තමන්ට පැවරුණ රාජකාරී නිතරම අනෙක් අංශ වෙත බෙදා හරී. නිවාඩු හදන්නේ අභ්‍යන්තර විගණන අංශයයි, ඒවායේ නිරවද්‍යතාවය බලන්නේද විගණන අංශයයි. ඇය කලාබර ළඳක් බැවින් කලා කටයුතු වලට නිරන්තරයෙන්ම උනන්දුවේ.
ඇය උසස්වීම් ලබන ක්‍රමයද විශේෂය, අනික් උන්ට තියන විභාග මැයට නැත. මුලින්ම අධ්‍යක්ෂ ජනරාල් ඉදරියේ කඳුළු සලා සම්මුඛ පරීක්ෂණ තියන්න අවසර ගනී. මානව සම්පත් ප්‍රධානියා ලෙස ඊමේල් මගින් සම්මුඛ පරීක්ෂණ වලට අයදුම් කරන්න කියයි, සම්මුඛ පරීක්ෂණ තිබෙන බවද ඇයම කියයි, ඉන් පසු ඇයම ඊට යන බව කියයි, තමා තනතුරට තේරුණු බව කියයි, අවසානයේ තමා එම තනතුරේ වැඩකරන බව කියයි. මේවා බලා සිටින සේවකයින්ගේ මොළේ මඤ්ඤං නොවුනොත් පුදුමය. වසර 12ක කාලයක් තිස්සේ කිසිදු සුදුසුකමක් නොමැතිව අධ්‍යක්ෂ ජනරාල්ගේ ඌෂ්ණයෙන් පහළ සේවකයින් තලා පෙළා කුරිරු සතුටක් ලබන මැයට මානසික රෝගියක් ඇති බව අධිකාරියේ සේවකයෝ පවසති.
මාගම්මුදලි යැපෙන්නේ මහ උන්ට කේළම් කියමින් මිස තමාගේ හැකියාවකින් නොවන බව ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. ආයතනයේ වැඩිම අකමැති සේවක ප්‍රතිශතය හිමි උන් අතර මුල් තැන මූල්‍ය අංශ ප්‍රධානීයාත් දෙවන තැන මාගමමුදලියටත් නිතරඟයෙන් හිමිවේ. දින පතා උදේ හවස සේවකයින්ගේ දෙස් තැබීම් නොඅඩුව ලැබෙන්නේ ඒ නිසාය.
COMMENTS