දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගල් අඟුරු ගණුදෙනුවේ ගේම් සහ ඩීල්
Homeවිශේෂ පුවත්

ගල් අඟුරු ගණුදෙනුවේ ගේම් සහ ඩීල්

PropellerAds

මේ වන විට රට මුලාකරමින් තිබෙන  ගල් අඟුරු ගණුදෙනුවද ගසා ඇති ගේම් අතරින් තවත් සුපිරි ගේමකි.සුපිරි ඩීල් එකකි.මේ එහි තවත් අනාවරණයකි. 2009 වස...

ගුවන්සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් යහපාලනයට මිලියන 1.2 ක පොල්ලක් !
ශල්‍ය උපකරණ මිල අඩු කිරීමට සෞඛ්‍ය ඇමැති සැරසෙයි
2017 වසර 2004 කරා ආපස්සට යෑමට පෙර - සුනන්ද දේශප්‍රිය
ගල් අඟුරු ගණුදෙනුවේ ගේම් සහ ඩීල්

මේ වන විට රට මුලාකරමින් තිබෙන  ගල් අඟුරු ගණුදෙනුවද ගසා ඇති ගේම් අතරින් තවත් සුපිරි ගේමකි.සුපිරි ඩීල් එකකි.මේ එහි තවත් අනාවරණයකි.

2009 වසර සිට 2016 වසර දක්වා කාලය තුළ ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව ලංකා ගල් අඟුරු සමාගම පිලිබඳ මෙලෙස නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.

ගල් අඟුරු මෙ.ටො. 1ක් ඩොලර් 68.5 බැගින් නොබෙල් සමාගමෙන් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබියදී 2014 ජූලි මස 24 වැනි දින ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල තිරණයක් පදනම් කරගනිමින් ගල් අඟුරු මෙ.ටො.1ක් ඩොලර් 74.42ක මිලකට ගල් අඟුරු මෙ.ටො.222,739ක් මිලදී ගෙන තිබේ.සිදුව ඇති අලාභය පියව ගැනීමට හෝ ඒ පිලිබඳ විනය ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

ගල් අඟුරු මෙ.ටො.1ක් ඩොලර් 148.29 ක මිලට නොබෙල් සමාගමෙන් මිලදී ගැනීමේ හැකියාව තිබියදී ලංකා ගල් අඟුරු සමාගම කිසිඳු අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව ලංකා නැව් සංස්ථාව මඟින් Taurine Iron Steel  සමාගමෙන් වැඩි මිල ගණන් වලට මිලදී ගැනීම් සිදුකිරීම නිසා රු.27,980,680ක ඇස්තමේන්තු ගත අලාභයක් සිදුව තිබේ.මෙම ගනුදෙනුව 2011 සිදුව ඇති අතර ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ලංකා ගල් අඟුරු සමාගම මැදිහත් වී නැත.

2012 වසරේදීද ඉහත සඳහන් කළ පරිදි අමාත්‍යමණ්ඩල අනුමැතියකින් තොරව Taurine Iron Steel සමාගමෙන් මිලදී ගැනීම නිසා රු.40,160,900ක ඇස්තමේන්තු ගත මුදලක් අලාභය ලෙස සටහන් වී ඇත.ඒ පිළිබඳවද ලංකා ගල් අඟුරු සමාගම නිහඬ පිළිවෙතක් අනුගමනය කර තිබේ.

කැබිනට් අනුමැතියකින් තොරව Taurine Iron Steel සමාගමෙන් නැව් වාර මඟින් ගෙන්වන ලද ගල් අඟුරු නියමිත් ගුණත්වයෙන් නොතිබීම හේතුවෙන් ඒවායින් ජනනය කරන ලද විදුලි ඒකක ප්‍රමාණය අඩු වීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට අහිමිව තිබු අදායම රු.851,761,000කි.එම මිලදී ගැනීම 2013 සිදුව ඇති අතර අලාභය ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීමට හෝ සමාගමෙන් අයකර ගැනීමට ලංකා ගල් අඟුරු සමාගම ක්‍රියා කොට නැත.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවද වෙනස් නොවුණු ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා සිය වගකීම ඉටුකර ඇති ආකාරය විගණකාධිපතිවරයා අභියෝගයට ලක් කරන්නේ මේ ආකාරයෙනි.තමන් පත්වීමට පෙර ක්‍රියාත්මකවූ අධ්‍යක්ෂ මණ්ඩලය ගෙන ඇති වැරදි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ ගැනීමටද   පත්වූ සභාපතිවරයාට බලය තිබේ.එහෙත් මෛත්‍රී ගුණරත්න මහතාද හතර වටේට දොස් කියමින් සිටියද ඔහුගේ රාජකාරිය විනිවිදභාවයකින් ඉටුකර ඇත්ද යන්න පිලිබඳ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

2011 වසරේදී ලංකා ගල් අඟුරු සමාගම කිසිදු ආකාරයක කැබිනට් අනුමැතියකින් තොරව මිලදී ගෙන තිබූ රු.මිලියන 55,390,920ක් වටිනා මෙ.ටො.7635 ක තාප නොවන ගල් අඟුරු ලංකා නැව් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට 2016 ඔක්තෝබර් 31 වැනි දින දක්වාද සපයා නැත.ඒ පිළිබඳවද ක්‍රියාමාර්ග ගැනීමට ලංකා ගල් අඟුරු සමගම මැදිහත්වී නැත.අලාභ පිට අලාභ සිදුව ඇත්ත ගල් අඟුරු සමාගමට එහි වගකීමක් තිබී නැත.

2013 වසරේ  රු.462,639,190ක් වටිනා ගල් අඟුරු මෙ.ටො.29,896ක් ලංකා නැව් සංස්ථාව මඟින් මිලදී ගෙන තිබුනද ඒවාද පසුගිය වසරේ ඔක්තෝබර් 31 දක්වා විදුලිබල මණ්ඩලයට සපයා නොතිබී ඇති අතර එහිදී සිදුවූ අලාභය සමාගමෙන් අයකර ගැනිමට  හෝ විදුලිබල මණ්ඩලයට ගෙවිමට් කටයුතු ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර නැත.කැබිනට අනුමැතියකින් තොරව නීති විරෝධීව ක්‍රියා කල නිලධාරින්ට එරෙහිව හෝ කටයුතු කිරීමට ගල් අඟුරු සමාගම මැදිහත් වී නැත.

2015 අප්‍රේල් වනවිට නොරොච්චෝලේ බලාගාරය වෙත ලැබිය යුතු ගල් අඟුරු  සපයා නොතිබීම නිසා අමාත්‍යංශ ලේකම්ගේ ගණනය අනුව රු.12,500,000,000ක් සහ විදුලිබල මණ්ඩලයේ සභාපතිගේ ගණනය කිරීම් අනුව රු.983,230,000ක අමතර වියදමක් දැරීමට සිදුව තිබේ.එම අලාභය සමාගමෙන් අය කර ගැනීමට ද ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර නොමැති අතර එය විදුලිබල මණ්ඩලයට ගෙවීමට හෝ ලංකා ගල් අඟුරු සමාගම ක්‍රියා කර නැත.

ගල් අඟුරු සමාගමේ අකාර්යක්ෂමතාව හෝ වෙනත් වුවමනාවන් හේතුවෙන් 2014/15 කාල වකවානුව තුළ නැව් සඳහා ගෙවා තිබුණු ප්‍රමාද ගාස්තුව  වන රු.607,115,773ක මුදල හා2015/16 කාලය තුළ  රු.115,070,650ක් ලෙස ගෙවීමට සිදුව තිබූ ප්‍රමාද ගාස්තුව රජයට අමතර බරක් වී ඇති බවද  විගණකාධිපති වාර්තාව සඳහන් කරයි.

රට තුළ වරින් වර මතුවන අවශ්‍යතා මත ආයතන ගොඩනගන්නේ එක එක්කෙනාට එය ඉල්ලමක් කර ගැනීමට නොව රටට වැඩක් කිරීමටය.එහෙත් අද සිදු නොවන්නේද එයමය.

ආශිකා බ්‍රාහ්මණ

පෙර පුවත්
කොහෙද මේ මෛත්‍රී ?

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගල් අඟුරු ගණුදෙනුවේ ගේම් සහ ඩීල්
ගල් අඟුරු ගණුදෙනුවේ ගේම් සහ ඩීල්
http://ift.tt/2jMfmYD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_469.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_469.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy