එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි ඒකකයේ හිටපු නායක සුසෙයි භාවිත කළ බව කියන බෝට්ටුව මුලතිව් මුහුදේ සැරිසැරූ බවට පළවූ වාර්තා සම්පූර්ණයෙන් අ...
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි ඒකකයේ හිටපු නායක සුසෙයි භාවිත කළ බව කියන බෝට්ටුව මුලතිව් මුහුදේ සැරිසැරූ බවට පළවූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව නාවික හමුදාව පවසයි.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් සිදුකළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේ එම වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ බෝට්ටු වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇති බව සඳහන් කළ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අදාළ බෝට්ටු කිසිඳු හේතුවක් මත මුහුදට යොමු නොකළ බව ද කියා සිටියේය.
කෙසේවෙතත් අදාළ බෝට්ටු අංගනයේ අලුත්වැඩියා කටයුතු සඳහා අදාළ බෝට්ටු වෙනත් ස්ථානයකට ගොඩබිම් ප්‍රදේශයෙන් ප්‍රවාහනය කළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS