දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පොලිස් කොමිසමේ ටියුබ් ලයිට් පත්තු වෙයි !

යාපනය, කයිට්ස්, පුංකුඩුතිව් ප්‍රදේශයේ විසූ සිවලෝගනාදන් විද්‍යා දැරිය පාසැල් යනෙන අතරතුර පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කොට, කුරිරු ලෙස වධ ...

පොලිස් කොමිසමේ ටියුබ් ලයිට් පත්තු වෙයි !

යාපනය, කයිට්ස්, පුංකුඩුතිව් ප්‍රදේශයේ විසූ සිවලෝගනාදන් විද්‍යා දැරිය පාසැල් යනෙන අතරතුර පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කොට, කුරිරු ලෙස වධ හිංසාවට පමුණුවා ඝාතනය කෙරුණේ 2015 මැයි මස 13 වනදාය. මෙම නීච නින්දිත අපරාධයෙහි ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශශීකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තාව ප්‍රදේශවාසීන් විසින් කොටුකරගෙන සිටිය දී ඔහුව මුදවාගෙන ඔහුට කොළඹට පළායාම සඳහා එවකට යාපනය භාර ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ උපකාර කළ අයුරු පරීක්ෂණ වලදී මනාව හෙළිදරව් වී තිබිණි. එසේ සැකකරු මුදාහැරීම පිළිබඳව කුපිත වූ ප්‍රදේශවාසීන් සංසිඳුවා ගැනීමට හැකිවුණේ දින කිහිපයකින් අදාල සැකකරුව කොළඹ දී අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ය.

පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවා ඇති බව කියන්නේ නීතිය හා සාමය රැකීමට ය. එසේ නීතිය හා සාමය රැකීමට ඇති බව කියනා පොලිස් දෙපාර්තමේන්තුවේ ම ඉහළ ම නිලයක් විසින් මෙසේ නීතිය කෙරෙහි ජනතාවගේ විස්වාසය අමු අමුවේ බිඳවැටෙන තැනට කටයුතු කර තිබිය දීත් 'ජාතික පොලිස් කොමිසමට' එය එතරම් ගැටළුවක් වූ බවක් පෙනුනේ නැත. අපරාධයෙන් දෙවසරකටත් පසුව පසුගිය සතිය වන තුරුත් ජාතික පොලිස් කොමිසම විසින් සිදුකොට තිබුණේ ජ්‍යේ.නි.පො. ලලිත් ජයසිංහට එරෙහිව චෝදනා පත්‍රයක් යැවීම සහ ඊට පිළිතුරු දීමට ඔහුට තවත් මාසයක කාලයක් ලබා දීම පමණි. පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා තෙක් ම ලලිත් ජයසිංහ ඉහෙන් බහිනා රෝගයකින් තොරව ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති තනතුරේ නිලතල භාවිතා කරමින් යෙහෙන් වැජඹුණේය. ඊයේ දිනය වනතුරුත් එකී තනතුරේ සේවයෙහි පිහිටියේය. ජාතික පොලිස් කොමිසමේ ටියුබ් ලයිට් පත්තු වුණේ මේ සියල්ලට පසුව ය. දැන් ඔවුන් 'වැඩ තහනමට අනුමැතිය' දී තිබේ.

ලලිත් ජයසිංහට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ පිරිසකගේ අප්‍රතිහත ධෛර්යය නිසා ය. ඊට අදාල ගෞරවය ඔවුන්ට හිමි විය යුතුය. ජාතික පොලිස් කොමිසම දැන් මේ දඟලන්නේ එසේ අනුන්ට හිමිවිය යුතු ගෞරවය ප්‍රවෘත්ති ප්‍රචාරයන් හරහා මංකොල්ල කෑමටය. එය ජඩ වැඩක් බව කිව යුතුය.

එසේම, පොලිස් දෙපාර්තමේන්තුවට ම අපකීර්තිය ගෙනා ලලිත් ජයසිංහට එරෙහිව ක්‍රියාත්මක වීමට ජාතික පොලිස් කොමිසමට හදිසියක් මෙතුවක් නොතිබුණ ද ඒ දෙවසරත් පුරාවට ඔවුන් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර නම් යසට ක්‍රියාත්මක කරගෙන ඇති බවට තොරතුරු අප සතුය. ඒ අනුව ජාතික පොලිස් කොමිසම තෝරාගත් නිලධාරීන් පිරිසකට වරදාන ලෙස තනතුරු, උසස්වීම්, ස්ථාන මාරු ලබා දෙමින් තමන්ට අවශ්‍ය තැන් වල ස්ථානගත කරගෙන ඔවුන් ඉත්තන් ලෙස හසුරුවන බව වාර්තා වේ. අප පොලිස් කොමිසමට අනතුරු හඟවන්නේ වහාම මෙවන් ජඩ වැඩ නවත්වන ලෙසට ය.

ස්වාධීන කොමිශන් සභා ලබා ගත්තේ ප්‍රතිශීලී බලවේග එක්ව දියත් කළ සටන් හරහා ය. අපිදු ඊට දායක වීමු. එකී කොමිශන් සභා අයාලේ යන්නේ නම්, වල් වදින්නේ නම් ඊට ද එරෙහිව සටන් වැදීමේ වගකීම අප පැහැර හරින්නේ නැත. ජාතික පොලිස් කොමිසමට ජඩ වැඩ අත්හරින මෙන් අප අනතුරු හඟවන්නේ ද එනිසා ය. දැනට පෙනෙනා ලෙසට නම් සිදුවන්නේ මීට පෙර තනි පොලිස්පතිවරයකු විසින් භාවිතා කෙරුණු බලතල දැන් හතර පස් දෙනෙකු විසින් බෙදාගෙන පෙර පරිදිම කිසිදු විනිවිද භාවයකින් තොරව අත්තනෝමතික ලෙස භාවිතා කිරීම ය. මෙය නැවැත්වීමට ඔවුන් උත්සුක නොවන්නේ නම් තරාතිරම නොබලා සියළු කරුණු හෙළිදරව් කිරීමට 'ලංකා නිව්ස් වෙබ්' අප මැළිවන්නේ නැත.

ජාතික පොලිස් කොමිසමේ 'අනුමැති දීමේ නාඩගම' සමවන්නේ එක්තරා ජාතික පුවත්පතක් විසින් ලලිත් ජයසිංහ අත් අඩංගුවට ගැණුනේ තමන්ගේ පුවතක් නිසා බවට කළ පාරම්බෑමටය. රටේම සිදුවන තරමක් දේ 'පත්තරෙන් බලා දැනගන්නා' ජනපතිවරයෙක් ද සිටිනා රටක එවන් ජාතික පුවත්පතක් ඒ සති අන්තයේ ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් කියෙව්වා වන්නට ද බැරි නැත. ඒ ගැන අදාල පුවත්පතට ස්තූති කරනා ගමන් ම පොලිස් කොමිසමේ ටියුබ් ලයිට් එළියට ද ස්තූතිවන්ත වන්නට අපට හැකිය. කෙසේ වෙතත් මෑතක පටන් අපට සිදුවී ඇත්තේ ම එක් එක් පාර්ශ්වයන්ට අනතුරු හඟව හඟවා සිටින්නට මය. එහෙයින් පොලිස් කොමිසමට යළිත් කියන්නට ඇත්තේ ජඩ වැඩ හකුලා ගන්නා ලෙසට ය.

සබැඳි පෙර පුවත් 

මහාචාර්ය තමිල්මාරන් හා ජ්‍යෙ. නි. පොලිස්පති ලලිත් ජයසිංහ ලඟදීම අත්අඩංගුවට !

යුක්තිය සොයා විද්‍යාගේ අවතාරය නීතිපති දෙපාර්තමේන්තුවේ !

පොලිස් කොමිසම දෙවසරකට පසු නින්දෙන් ඇහැරෙයි

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස් කොමිසමේ ටියුබ් ලයිට් පත්තු වෙයි !
පොලිස් කොමිසමේ ටියුබ් ලයිට් පත්තු වෙයි !
http://ift.tt/2uHCxLh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_394.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_394.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy