රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ඊයේ (17දා) කොළඹදී පැවැති "රහස්" සාකච්ඡාවේදී "සයිටම්" යන වචනය තහනම් වචනය බවට පත්වූයේ ...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ඊයේ (17දා) කොළඹදී පැවැති "රහස්" සාකච්ඡාවේදී "සයිටම්" යන වචනය තහනම් වචනය බවට පත්වූයේ යැයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මවුපිය සංගමයේ සභාපති හා සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කීවේය.
විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ගොඩනැඟිල්ලේ කාමරයක රහසේ පැවැති සාකච්ඡාවට සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් නිලධාරීන් හය දෙනකු සහභාගි වී ඇත.
"සයිටම් රෝහල" රජයට පවරා ගැනීම සඳහා ඊයේ පැවැති උත්සවයට තමා සහභාගි නොවූ බවද හෙතෙම කීය.
"මෙම රෝහල රජයට පවරා ගන්න තිබුණේ අවුරුදු 1 1/2කට පෙරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු එක හමාරකට පෙර මෙම රෝහල ගන්නැයි කීවා. දැන් සිසුන්ගේ අවුරුදු එක හමාරක සායනික පුහුණුව ගැන කවුද වගකියන්නේ?" යැයිද ගැමුණු විජේරත්න විමසුවේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ එක්වී ඩෙංගු මර්දනය, රිය අනතුරු අවම කිරීම හා කසළ කළමනාකරණය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සදහා සංගම් දෙකේ සාකච්ඡාව පැවැත්වූ බවද හෙතෙම පැවැසීය.
COMMENTS