එක්සත් රාජධානියේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය අද (09) තම රාජකාරි කටයුතු ආරම්භ කළාය. රාජකාරී ආරම්භ කිරීමට පෙර ඇය ලන්...
එක්සත් රාජධානියේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය අද (09) තම රාජකාරි කටයුතු ආරම්භ කළාය.
රාජකාරී ආරම්භ කිරීමට පෙර ඇය ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයට ගොස් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලබා ගත්තාය.
වැඩබලන මහකොමසාරිස් සුගීශ්වර ගුණරත්න මහතා සහ තානාපති කාර්යාලයේ මනෝජ් වර්ණපාල මහතා ඇය සමඟ ආගමික වතාවත් වලට සහභාගී විය.
ලන්ඩන් විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විජේවර්ධන මහත්මිය ප්‍රධාන පිරිස පංච ශීලයෙහි පිහිටුවා සෙත් පිරිත් සජ්ජායනා කොට ආශිර්වාද කළහ.
අද දිනයේ රාජකාරී ආරම්භ කිරීමට පෙරාතුව නව කොමසාරිස්වරිය ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරස්තානයට ද වෙම්බ්ලි ඉලපතිශ්වර් හින්දු දෙවාලයට ද ගොස් ආශිර්වාද ලබා ගත්තාය.
ක්‍රිස් නොනිස් මහතාගේ ධූර කාලයෙන් පසුව අතිවූ පුරප්පාඩුව වෙනුවෙන් අමාරි විජේවර්ධන මහත්මිය මේ තනතුර සඳහා පත් කර ඇත.
COMMENTS