වැට් බදු පනත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුව ඉදිරිපත් කර නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) කතානායක කරූ ජයසූරිය මහතාට දැනුම් ...
වැට් බදු පනත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුව ඉදිරිපත් කර නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) කතානායක කරූ ජයසූරිය මහතාට දැනුම් දුන්නේය.
ඒ අනුව වෙනත් පනතක් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
“මෙවැනි පනත් මීට පෙර සම්මත වී තිබෙනවා. ඒ ගැන සොයා බලන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.“ යැයි අගමැතිවරයා සඳහන් කළේය.
“මෙය පරාජයක් ලෙස සලකන්න එපා.“ දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය.
“නෑ නෑ එහෙම සලකන්නේ නෑ. නමුත් එවැනි පනත් මීට පෙර සම්මත වූයේ කෙසේදැයි සොයා බැලිය යුතුයි.“ යැයි අගමැතිවරයා සඳහන් කළේය.
“පක්ෂ නායක රැස්වීමකදී මේ ගැන සාකච්ඡා කර තීන්දුවක් දෙනවා“ කතානායකවරයා පැවසී ය.
COMMENTS