අදුරු දෑසක සැඟවුන ආලෝක බුබුලක් සොයා ගෙන තවරන්න හිනා මදකට ඇහැකි ඇහි පිය හෙලන ඇහැකට . ඇවිදින සද්දෙ ඇහුණම අඩි තිය තියා හෙමිහිට මිදුලෙම...
අදුරු දෑසක සැඟවුන
ආලෝක බුබුලක් සොයා ගෙන
තවරන්න හිනා මදකට
ඇහැකි ඇහි පිය හෙලන ඇහැකට .
ඇවිදින සද්දෙ ඇහුණම
අඩි තිය තියා හෙමිහිට
මිදුලෙම ඉන්න ඉඩහැර
දොර වහගන්න බෑ මට.
නොහිතා නොදන්වා මදකට
හුළග හිටි අඩියේම ආවම
අවසර නැතිව ආවට
හරවා යවනු කෙලෙසද?
පිට වී යන්න එළඹෙන
මොහොතකට මදකට පෙර
ඉඩ තියේදැයි නුඹ ඇහුවම
කියන්නට බෑ නැති වග
ඉඩ තියෙන බව
දැනෙන කොට මට.
COMMENTS