දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෆොන්සේකාගේ ෆේස්බුක් සටහනට ආරක්ෂක ලේකම් ප්‍රතිචාර දක්වයි
Homeප්‍රවෘත්ති

ෆොන්සේකාගේ ෆේස්බුක් සටහනට ආරක්ෂක ලේකම් ප්‍රතිචාර දක්වයි

PropellerAds

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් ගිණුමේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපත...

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන කිහිපයක් නාමල් රාජපක්ෂ යටතට !
සපුගස්කන්දෙන් කාන්දු වූ දැවි තෙල් වැසි ජලයට මිශ්‍ර වෙයි – කැළණි ගඟට එක්වීම වැළැක්වීමට මෙහෙයුමක් !
රෝහිත අබේගුණවර්ධන-නාලක ගොඩහේවා සහ මහින්ද අමරවීර වගඋත්තරකරුවන් බවට පත් කරමින් ධීවරයන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් !
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් ගිණුමේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අමතා පළකර තිබූ සටහනක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය මගින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහන් කර ඇත්තේ, සමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ය.

ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කෙරෙන සාමකාමී විරෝධතා මැඩ පැවත්වීම සඳහා කිසිසේත් ම හමුදා භටයින් යොදා නොගන්නා බව ඔහු එමගින් අවධාරණය කර තිබේ.

ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී රටේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහය ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලිසියේ ඉල්ලීම පරිදි හමුදා සහය ලබා දෙන බව ලේකම්වරයා සඳහන් කර ඇත.

පසුගිය දා සරත් ෆොන්සේක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සාමකාමී ජන අරගලය මර්දනය කිරීමට දූෂිත පාලකයින් ලබා දෙන අනීතික නියෝග පිළිබඳව සිය දහස් වාරයක් සිතා බලා කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ය.

මේ අතර, සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදෙන අයවලුන් අතරට බුද්ධි අංශ සාමාජිකයින් යවා ඔවුන් මගින් යම් කලකෝලහාල තත්ත්වයක් ඇති කර හෝ බෝම්බ පිපිරීමක් වැනි දෙයක් සිදු කර එය හුවා දක්වමින් ඔවුන් විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමේ අදහසක් ඇතැයි සමාජ මාධ්‍ය හරහා යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ලේකම්වරයා එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෆොන්සේකාගේ ෆේස්බුක් සටහනට ආරක්ෂක ලේකම් ප්‍රතිචාර දක්වයි
ෆොන්සේකාගේ ෆේස්බුක් සටහනට ආරක්ෂක ලේකම් ප්‍රතිචාර දක්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdnxcGXRxeMH1MUPG6TDVycEvGAqLG1TesuRoG_Y6SqTZt1wFaTUm0d_kgg83XBJ6mjjYCH8WH2oXeoata4-jNCKQ_Pvormrf6Cjppd7vp9T6dRQ2TpHPwGxS-Fl8Y2LuqzflZ4qF1wZ5drcFQBR2pTWujwuurxMhhUEpWpZ66-LZiQPXQ7ESrk0jG0w/s320/Sarath%20Kamal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdnxcGXRxeMH1MUPG6TDVycEvGAqLG1TesuRoG_Y6SqTZt1wFaTUm0d_kgg83XBJ6mjjYCH8WH2oXeoata4-jNCKQ_Pvormrf6Cjppd7vp9T6dRQ2TpHPwGxS-Fl8Y2LuqzflZ4qF1wZ5drcFQBR2pTWujwuurxMhhUEpWpZ66-LZiQPXQ7ESrk0jG0w/s72-c/Sarath%20Kamal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/04/blog-post_86.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/04/blog-post_86.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy