දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නව මානයන් විවර කළ ඉන්දීය ජනපතිවරණය

" කුළ පීඩනය හෙළා දකිමු" යන තේමාව යටතේ අගමැති මෝදිගේ රජය විසින් ගෙන යනු ලබන වැඩ පිළිවෙලට මෙම නව පත්වීම ආශිර්වාදයක් වනු ඇති බව වි...

නව මානයන් විවර කළ ඉන්දීය ජනපතිවරණය

" කුළ පීඩනය හෙළා දකිමු" යන තේමාව යටතේ අගමැති මෝදිගේ රජය විසින් ගෙන යනු ලබන වැඩ පිළිවෙලට මෙම නව පත්වීම ආශිර්වාදයක් වනු ඇති බව විචාරකයන්ගේ මතයයි.....
නමුත් මෙහි දෛවෝපගත සාමාජීය පැතිකඩ ලෙස හඳුනා ගත හැක්කේ කුළ පීඩනය සහ කුළ ක්‍රමය තහවුරු කිරීම සහ ඒවායේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින හින්දු අන්තවාදී ව්‍යාපාර කිහිපයක්ම රාම්නාත් කෝවින්ද් මහතාගේ ජනපතිවරණ සටනට සහාය ලබා දීමයි......හින්දු පුනරුදවාදී ව්‍යාපාර අතර "කුළය" පිළිබඳ ඇති ආකල්ප දැඩි ලෙස වෙනස් කිරීමට නරේන්ද්‍ර මෝදි ගත් ක්‍රියාමාර්ග සැළකිය යුතු ලෙස ඵල දරා ඇති බවත්, හින්දු ආගමික ව්‍යාපාර මේ නිසා ක්‍රමයෙන් නූතනවාදී මුහුණුවරක් ආරෝපණය කර ගනිමින් පවතින බවත් විචාරකයන්ගේ අදහස වී තිබෙනවා.......

එහෙත් ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ 2019 වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහා මැතිවරණයේදී ඉන්දියාවේ "දාලිත්" කුළයට අයත් ලෙස සැළකෙන මිලියන 200 ක් ( කෝටි විස්සක් ) පමණ වන ජනතාවකගේ සහාය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ලබා ගැනීම මෙම නව පත්වීම පිටුපස ඇති අරමුණ විය හැකි බවයි....

කෝවින්ද් මහතා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර්- දේහාත් දිස්ත්‍රික්කයේ දේරාපූර් හි උපත ලබා, 1994 වසරේදී දේශපාලනයට පිවිසි අතර, ඒ මහතා නීතිවේදී උපාධි දාරියෙකුද වනවා.....
දිළිඳු ජනතාවට නීති ආධාර ලබා දෙන වැඩසටහන් රාශියක් ආරම්භ කිරීම නිසා ඉමහත් කීර්තියක් අත් කරගෙන සිටින ඒ මහතා, ආචාර්ය අබ්දුල් කලාමයන්ගේ සමීපතම හිතවතෙකු ලෙසද සැළකෙනවා......
කෝවින්ද් මහතා පිළිබඳව ඇති තවත් අප්‍රකට තොරතුරක් වන්නේ, වරක් බොලිවුඩයේ දැවැන්තයෙකු වන අමිතාම් බච්චන් මහතා කුළය සම්බන්ධ ගැටලුවක් මුල් කරගෙන ඒ මහතාට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමයි.......එය බලා සිටි නැසී ගිය සුපිරි නලු අම්‍රිෂ් පූරි මහතා පැමිණ කෝවින්ද් මහතාව වැළඳ ගත් බවත් එම සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා..... රිදී තිරයේ වීරයන් සහ දුෂ්ඨයන් සැබෑ ලොවේදී සිය චරිත හුවමාරු කරගත් අවස්ථාවක් ලෙස තමා එය සළකන බව පසු කළෙක බොලිවුඩයේ සුපිරි කැමරා කරුවෙකු වන රඝු රායි මහතා පවසා තිබුනා.....

ඉන්දියාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන ආකාරය

ඉන්දියානු ජනාධිපතිවරණය සිදු කෙරෙන්නේ අපූරු ක්‍රමවේදයකටය.....එය සමස්ථ රට වැසියාගේම ඡන්දය ගණනය කෙරෙන මැතිවරණ ක්‍රමවේදයක් නොවන අතර, එය රට වැසියා විසින් මහ මැතිවරණ වලදී සහ ප්‍රාන්ත මැතිවරණ වලදී තෝරා පත් කරගත් නියෝජිතයන් විසින් සිදු කරනු ලබන ජනතා පරමාධිපත්‍යයේ "වක්‍රාකාර" තෝරා ගැනීමක් වනවා.....
එය සිදු කෙරෙන්නේ මෙපරිද්දෙනි -

පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක වටිනාකම ගණනය කිරීම

ඉන්දීය ජන රජයේ උත්තරීතර ව්‍යවස්ථාදායකය වන ඉන්දීය පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු ගෘහයන් දෙකකින් සමන් විතයි

1. රාජ්‍ය සභාව - මහජන නියෝජිතයන් - 245 ( ප්‍රාන්ත මට්ටමේ ව්‍යවස්ථාදායකයන් හෙවත් ප්‍රාන්ත රජයන්ගේ සභාවන් විසින් මෙකී නියෝජිතයන් 233 ක් තෝරා පත් කරගනු ලබන අතර 12 දෙනෙකු තෝරනු ලබන්නේ ඉන්දීය ජනාධිපතිවරයාය ) - මෙය ඉන්දීය ව්‍යවස්ථදායකයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වේ....

2. ලෝක් සභාව - මහජන නියෝජිතයන් - 545 - මහජන ඡන්දයෙන් ( මහ මැතිවරණයකින් ) නියෝජිතයන් 543 ක් සහ ජනපති වරයාගේ නිර්දේශ මත 2 ක් තෝරා ගනු ලබයි....
ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කරන්නේ මේ නියෝජිතයන්.....
එහිදී එක් එක් නියෝජිතයාගේ ඡන්දය සඳහා සංඛ්‍යාත්මක වටිනාකමක් ගණනය කෙරෙනවා......
ඉන්දියානු අග්‍ර ව්‍යවස්ථාදාකයක වන ලෝක් සභාවේ මන්ත්‍රී ධුරයක් සඳහා වටිනාකම ගණනය කරනු ලබන්නේ -
වටිනාකම = (සියළු ප්‍රාන්ත වල ව්‍යවස්ථාදායක සභාවල ඇති සියළු ඡන්ද වල වටිනාකම / ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ සමස්ථ මන්ත්‍රී වරුන් ගණන )

ප්‍රාන්ත මට්ටමේ ඡන්දය සහ එහි වටිනාකම

ෆෙඩරල් ව්‍යුහගත රාජ්‍යයක් වන ඉන්දියාවේ ඒ ඒ ප්‍රාන්ත සඳහාද ව්‍යවස්ථාදායකයන් පවතින අතර ඒවා
1. ව්‍යවස්ථාදායක කවුන්සිලය - Legislative Council
2. ව්‍යවස්ථාදායක සභාව - Legislative Assembly
යන කොටස් දෙකකින් යුක්ත වනව..... ප්‍රාන්තයේ විශාලත්වය සහ එහි සිටින ජන ගහණය අනුව එක් එක් ප්‍රාන්තය සඳහා මේ ව්‍යවස්ථා සභාවට තේරී පත්වන මහජන නියෝජිතයන් ගණන වෙනස් වෙනවා......
වත්මනේදී ඉන්දියාවේ සියළු ප්‍රාන්ත වල මෙකී ව්‍යවස්ථා දායක සභා සඳහා තේරී පත්ව සිටින මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාව 4,120 ක් වන අතර, වැඩිම සභිකයන් සංඛ්‍යාව වන 403 උත්තර් ප්‍රදේශ් සභාවේද, අවම ගණන වන 60 අරුනාචල්, නාගලන්ත සහ ත්‍රිපුර් සභා වලද සිටිනවා...... මෙකී සභා වල කාර්ය භාරය වනුයේ ලෝක් සභාවේ හෙවත් උත්තරීතර පාර්ලිමේන්තුවේ නිර්දේශයන්ට සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටත්ව ඒ ඒ ප්‍රාන්තයන් සඳහා නීති රීති සහ රෙගුලාසි සම්පාදනය කිරීමයි.....

ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කරන්නේ මේ නියෝජිතයන්.....
එහිදී එක් එක් නියෝජිතයාගේ ඡන්දය සඳහා සංඛ්‍යාත්මක වටිනාකමක් ගණනය කෙරෙනවා......
මෙම වටිනා කම ගණනය කරනුයේ =
( එක් එක් ප්‍රාන්තයේ සමස්ථ ජන ගහණය / එක් එක් ප්‍රාන්තය සඳහා ව්‍යවස්ථාදායක සභාවේ සිටින නියෝජිතයන් ගණන ) / 1000
යන සූත්‍රය යොදා ගනිමිනි.....

උදාහරණයක් ලෙස:
ඉන්දියාවේ ප්‍රාන්ත අතුරින් මගේ ප්‍රියතම ප්‍රාන්තය වන "හිමාචල් ප්‍රදේශ් " ප්‍රාන්තයේ ජන ගහණය 6,915,282 ක් වනවා.....
එම ප්‍රාන්තය සඳහා ප්‍රාන්ත සභාවේ ව්‍යවස්ථාදායක සභික මහජන නියෝජිතයන් සංඛ්‍යාව 68 ක් ....
එකී එක් සභිකයෙකුගේ ජනාධිපතිවරණ ඡන්දයේ වටිනාකම වනුයේ = 6,195,282 / 68*1000 = 91.11

ජනාධිපතිවරණය

ජනාධිපතිවරණයේදී ඒ සඳහා ඉදිරිපත්වන තරඟකරුවන් හෝ තරඟකාරියන්
(මෙකී සමස්ථ ඡන්ද වටිනාකම / 2 ) +1 යන වටිනාකමක් ජයග්‍රහණය සඳහා ලබා ගත යුතු වනවා.....
උදා: යම් මොහොතක මෙකී සමස්ථයේ වටිනාකම 12,000 ක් යැයි උපකල්පනය කළොත්,
ජනාධිපති පදවියට පත්වීමට නම් අදාළ තරඟකරුවා 12,000 / 2 ) + 1 = හෙවත් 6,001 ක වටිනාකමක් ලබා ගත යුතුයි..... ( මෙම සංඛ්‍යාව උදාහරණයක් සඳහා උපකල්පනයක් පමණි )

ඡන්දය ප්‍රකාශ කරන ආකාරය

සෑම ඡන්දයක් සඳහාම ඉදිරිපත්ව සිටින තරඟකරුවන් ගණන අනුව මනාප ලකුණු කෙරෙනවා.....සෑම ඡන්ද දායක මන්ත්‍රීවරයෙකුටම තමන් කැමතිම තරඟ කරුවා සඳහා "පළමු මනාපයත්" , දෙවනුව කැමති තරඟකරුවා සඳහා දෙවන මනාපයත් ලබා දෙන්නට පිළිවන්.....තරඟකරුවන් ගණන අනුව මනාප අනුපිළිවෙලද වැඩි වෙනවා.... ( 1 මනාපය, 2 මනාපය, 3 මනාපය, 4 මනාපය ආදී වශයෙන් )
තරඟකරුවන් රැසක් ඉදිරිපත්ව සිටින විට, ඉහත කී ජයග්‍රහණය සඳහා ලබා ගත යුතු "වටිනාකම" ලබා ගැනීමට එකදු තරඟ කරුවෙක් ලබා ගන්නට අපොහොසත් වෙතොත්, ලබා ඇති ඡන්ද වලින් අවම වටිනාකම ලබා ඇති තරඟ කරුවා හෝ තරඟ කාරිය ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් කොට ඔහුගේ හෝ ඇයගේ දෙවනි මනාප ඒ ඒ තරඟකරුවන්ට ලබා දී දෙවනි වටයක් ගණනය කිරීම සිදුවනවා....
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින තරඟකරුවන් ගණන අනුව මේ අයුරින් වට ගණනද වැඩිවිය හැකියි......
නමුත් මෙවර ජනපතිවරණයේදී එබන්දක් අවශ්‍ය වූයේ නෑ.......

2017 ඉන්දීය ජනාධිපතිවරණය සඳහා තරඟ කරුවෙකු සහ තරඟ කාරියක් ඉදිරිපත් වූ අතර, දෙදෙනාම "දාලිත් " කුළයේ වීම විශේෂත්වයක්.....මෙහිදී කෝවින්ද් මහතා සමග තරඟ වැදුණේ ඉන්දීය ලෝක් සභාවේ හිටපු කථානායක වරියක් වන මීරා කුමාර් මහත්මිය..... 72 හැවිරිදි මීරා කුමාර් මහත්මිය ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැට්නා හි උපත ලද කාන්තාවක්.....

මෙවර ජනතා නියෝජිතයන් 4851 දෙනෙකු ඡන්දය භාවිතා කළ අතර එහි සමස්ථ වටිනාකමේ අගය - 1,090,300
එයින් 77 ක් ප්‍රතික්ෂේප උනා.....
මේ අනුව වලංගු ඡන්ද ගණන 4,774 - එහි වටිනාකම - 1,069,358
ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන්
රාම් නාත් කෝවින්ද් - 2,930
මීරා කුමාර් - 1,844
වශයෙන් ලබා ගත් අතර,
රාම් නාත් ලබා ගත් අගය - 702,044 ( 65.6% )
මීරාගේ අගය - 367,317 ( 34% )

රාම් නාත් කෝවින්ද් මහතා ප්‍රාන්ත 22 ක් ජයග්‍රහණය කරන ලද අතර, මීරා කුමාර් මහත්මියට ජයගත හැකි වූයේ ප්‍රාන්ත 10 ක් පමණයි . මේ අනුව ධුර කාළය අවසන් කරන ප්‍රනාබ් මුඛර්ජි මහතාට පසුව ඉන්දියාවේ 14 වන ජනාධිපති වරයා වශයෙන් රාම් නාත් කෝවින්ද් මහතා දිවුරුම් දෙනු ලබනවා. ඉන්දීය ජනාධිපති ධුරය සාමාන්‍ය තත්වයන් තුළ නාම මාත්‍ර රාජ්‍ය නායකත්වයක් වුවත්, හදිසි අවස්ථා වලදී විධායක බළතල භාවිතා කිරීමේ ව්‍යතිරේකයන් එම ධුරය සඳහා නෛතිකව ලබා දී තිබෙනවා.

~ කර්තෘගේ අවසරය සහිතව උපුටා ගත් ලිපියකි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව මානයන් විවර කළ ඉන්දීය ජනපතිවරණය
නව මානයන් විවර කළ ඉන්දීය ජනපතිවරණය
http://ift.tt/2ulsLMc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_306.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_306.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy