ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙ නායක විරාත් කෝලි හා තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිංට ඉන්දීය මධ්‍යම රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු තරග පාවාදීමේ චෝදනා එල...
සමාජ සාධාරණ හා බලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය රාමදාස් අතවාලේ මෙම චෝදනාව එල්ල කර තිබේ.
“ තරගාවලිය පුරාම හොඳින් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කොහොමද අවසන් මහ තරගයේදි දක්ෂතා නොදක්වන්නේ. පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී විරාත් කෝලි හා යුවරාජ් සිං වැනි අය තරග කළේ හරියට පැරදෙන්න ක්‍රීඩා කරනවා වගේ. එයින් පෙනෙනවා තරග පාවාදීමක් වෙලා තිබෙනවා කියලා. අපි ඒ ගැන පරීක්ෂණයක් ඉල්ලනවා” යැයි ඔහු සඳහන් කරයි.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දිය කණ්ඩායම පරාජය කරමින් පාකිස්තාන කණ්ඩායම ශූරතාව දිනාගත්තේය.
COMMENTS