අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා අඩු වයස් දැරිවියකව සිටියදී කාලයක් පුරා අපචාරයට ලක් කළ බවත් එය තම පවුලේ උදවියට හෙළිදරව් විමෙන් අනතුරුව තමා...
අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා අඩු වයස් දැරිවියකව සිටියදී කාලයක් පුරා අපචාරයට ලක් කළ බවත් එය තම පවුලේ උදවියට හෙළිදරව් විමෙන් අනතුරුව තමාට විසීමට ඉඩමක් හා නිවසක් ලබා දී එකී ලිංගික අපයෝජනය සමථයකට පත් කර ගත් බව එකී තරුණිය තම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරයා සිද්ධිය සමථයකට පත්කිරීම සඳහා ලබාදුන් ඉඩම සහ නිවස පසුගිය දා ඇයව එළවා දමා නැවත අත්පත් කර ගැනීම නිසා මෙම තරුණිය නුගේගොඩ කාන්තා හා ළමා කාර්ය්‍යංශය වෙත මෙම පැමිණිල්ල කර තිබේ.
නියෝජ්‍ය පොලිස්පති කීර්ති සිල්වා නැගෙනහිර ප්‍රදේශය භාරව කටයුතු කරද්දී නිදන් හෑරීමේ චෝදනාවක් මත සිදුකළ පොලිස් විමර්ශණයක් නිසා ඔහුට පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට සිදුවිය. නමින් කීර්ති වුවද ස්වකීය සේවා කාලය තුළ අපකීර්තිමත් සිදුවීම් රාශියකට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ බව ශ්‍රී ලංකා පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටී.
COMMENTS