සම්බන්ධන් පාර්ලිමේන්තුවේදී කොටි ගැන කළ කතාවට විරෝධය දක්වන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ප...
සම්බන්ධන් පාර්ලිමේන්තුවේදී කොටි ගැන කළ කතාවට විරෝධය දක්වන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
ඒ ඊයේ තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
"දෙමල ජාතික සන්ධනය මෙච්චර කාලයක් ආණ්ඩුවට සහය දක්වලා දෙමළ ජනතාවට මොනවද කලේ කියලා අපි අහනවා? ආන්ඩුවේ අවසාන කාලය එළඹිලා තිබ්බත් තවමත් ආණ්ඩුව බේරගන්න ඕන කියන මතයෙයි එයාලා ඉන්නේ. නව ව්‍යවස්ථාවක් තුළින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට මේ නායකයෝ පොරොන්දු දුන්නත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳව කිසිම සූදානමක් අපට පේන්නේ නැහැ. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වුණත් ජනාධිපතිතුමා, අගමැතිතුමා, මැති ඇමතිවරු මැදිහත්වෙලා එය නීතිමය ප්‍රශ්නයක් ලෙස නොසලකා, දේශපාලන තීන්දුවක් ලබා දිය යුතුයි. සම්බන්ධන් පහුගිය දවසක පාර්ලිමේන්තුවේදී අවිහිංසාවාදීව සත්‍යග්‍රහයක් කරලා දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන එක ගැන කතා කළා. එතනදි ඔවුන් කොටි සංවිධානය කරපු ආයුධ සටන පහත් කරල කතා කිරීම වැරදි. දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න ජාත්‍යන්තරයේ පවා දැන ගත්තේ. මම කියන්නේ දෙමළ ජනතාවගේ ඡන්දයෙන් ඇවිත් තවමත් මේ දෙන්නා ආණ්ඩුව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා නම් ඊට වඩා හොඳයි දෙදෙනාම ඉල්ලා අස්වෙන එක."
COMMENTS