මාතර මුහුදු වෙරළේ පසුගිය 14 වැනි දින සිය පෙම්වතා බව කියන පුද්ගලයකු සමඟ සිටි 16 හැවිරිදි දැරියක් වෙත පැමිණි වෙනත් පුද්ගලයකු ඔහු පොලිසියෙන්...
මාතර මුහුදු වෙරළේ පසුගිය 14 වැනි දින සිය පෙම්වතා බව කියන පුද්ගලයකු සමඟ සිටි 16 හැවිරිදි දැරියක් වෙත පැමිණි වෙනත් පුද්ගලයකු ඔහු පොලිසියෙන් බවත් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බවට පවසා එම දැරිය කැඳවාගෙන ගොස් මාතර පාළු ප්‍රදේශයකදී අතවරයට ලක්‌කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත මාතර පොලිසියේ කාන්තා කාර්යාංශය පරීක්‍ෂණ පවත්වයි.
එම පැමිණිල්ල මත වහා ක්‍රියාත්මක වූ මාතර පොලිසියේ කාන්තා කාර්යාංශය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනය කර දැරිය පදිංචි බවට කියන නිවසට ගොස් දැරිය කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇත. සිය පෙම්වතා සමඟ පසුගිය 14 වැනිදා උපකාරක පන්තියකට සහභාගි වීමට පැමිණ පන්තියට සහභාගි නොවී මාතර මුහුදු වෙරළට ගොස් සිටියදී පුද්ගලයකු පැමිණ ඔහු පොලිසියෙන් බවත් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවට පවසා පොලිසියට යමු යෑයි පවසා ඇය කැඳවාගෙන ගිය බවත් එසේ කැඳවාගෙන ගොස් පාළු ප්‍රදේශයකදී ඇය අතවරයට පත් කළ බවත් පසුව එම පුද්ගලයාගෙන් මිදී නිවසට පැමිණි බවත් පවසා ඇත. මෙම දැරිය රෝහල්ගත කොට ඇත. මාතර පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති ප්‍ර. පො. පරීක්‍ෂක දමයන්ති මහත්මිය ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS