මහ ලේකම්වරයාගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට තමන්ගේ ඥාතීන්ට ...
මහ ලේකම්වරයාගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට තමන්ගේ ඥාතීන්ට සත්‍ය ලෙසම සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් දැනගැනීමෙ අයිතියට මේ හරහා සාධාරණයක් ඉටුවනු ඇති බවයි.
මෙම කාර්යාලය හරහා සිදුවන කටයුතුවලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව මහ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. කාර්යාලය ස්ථාපිත කර එයට පූර්ණ ස්වාධීන කොමසාරිස්වරුන් පත්කිරීම ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තුවෙන් සිටින බව ද අදාල නිවේදනයේ සඳහන් වේ.
COMMENTS